30 C
Colombo
Tuesday, May 7, 2024

ඇඳුම් සාප්පු ජනයාගෙන් පිරී ගිහින්, රට පුරාම රතිඤ්ඤා හඩ – පුවත්පත් මණ්ඩලයේ සභාපති

- Advertisement -

වසංගතය ජයගෙන ගෙවී යන පළමු සිංහල අවුරුද්ද සැමරීමට රටම සැරසෙමින් සිටින ආකාරය ගම් නගර පුරා දැකිය හැකි බව පුවත්පත් මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා පවසනවා.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා පවසන්නේ විවිධ දේ මිලදී ගැනීමට ජනතාව කඩමංඩිවල සිටින බවයි.

ඊයේ දිනයේ පරණ අවුරුද්ද බැවින් නිවාස සුද්ද පවිත්‍ර කරමින් නිවැසියන් සිංහල අවුරුද්දට සූදානම් වන අයුරු ඔහු දැක ඇති බවද අදාළ සටහනේ දැක්වෙනවා.

එමෙන්ම වසංගත සමයේ නෑසුන රතිඤ්ඤා හඩ දසතින් ඇසෙන බවද ඔහු වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

අපට මෙය ජයගත හැකි බව එම සටහනේ සදහන් කර තිබුණද මෙය කුමක්දැයි පැහැදිලි කර නැහැ.

මහින්ද පතිරණ යනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයෙක් වන අතර බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් සමාජ මාධ්‍ය තුළ දැඩිව පෙනී සිටින අයෙකි.


RECENT ARTICLES - SINHALA

මහබැංකුවට කෝටි 100ක පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. ඔවුන්...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...

මහ බැංකුවේ අරමුණ ලාබ ලැබිම ම නෙමෙයි -නන්දලාල් වීරසිංහ

මහ බැංකුව පිහිටුවා ඇත්තේ ලාභ ලැබීමේ අරමුණින් නොවන බවත් මහ බැංකුව, නියාමනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...