30.3 C
Colombo
Friday, April 26, 2024

අලුත් අවුරුද්දට බන්දුලගෙන් අඩුවට හාල්

- Advertisement -

එළඹෙන අලුත් අවුරුදු සමයේ සිට සම්බා හාල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 125ක මිලකට සතොස හරහා ලබාදීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඇල්පිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සදහන් කළේ එළැඹෙන අලුත් අවුරුදු සමයේ සිට සම්බා කිලෝවක් අඛණ්ඩව රුපියල් 125 ට ලබාදීමේ වගකීම තමන් භාරගන්නා බවයි.

“මම දැක්කා අඩුම මිල කියලා සම්බා කිලෝවක් රු 160යි කියලා දාලා තියෙනවා. මම දැක්කා අඩුම මිල කියලා නාඩු රු 125යි කියලා දාලා තියෙනවා. දැන් මේ සතොසට ආවහම මේ තොරතුර දැනගන්න ඕනේ රු 128 ට සුපිරි සම්බා කිලෝවක් තියෙනවා. නාඩු කිලෝවක් රු 105ට තියෙනවා. කැකුළු හාල් කිලෝවක් රු 105ට තියෙනවා. එතකොට අපි කියන්න ඕනේ ඉතාම ආසා නම් රු 160ක් දීලා අර සුපිරි වෙළෙඳසැල් ජාලයෙන් හාල් ගන්න. ඒක ගැන මගේ කිසිම විරුද්ධත්වයක් නෑ. හැබැයි අපේ පොදු ජනයා දැන් ඒ 160යි කියන එක රු 128ට සතොසෙත් තියෙනවා. මම ජනතාවට පොරොන්දුවක් දෙනවා අවුරුදු කාලපරිච්ඡේදයේ ඉඳලා ඉදිරියට සම්බා කිලෝවක් අඛණ්ඩව රු 125ට සතොසෙන් ලබාදීමේ වගකීම මම භාරගන්නවා කියන එක මම කියන්න කැමතියි.”


RECENT ARTICLES - SINHALA

කොළඹට හෙට පැය 14ක ජල කප්පාදුවක්

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

විරෝධතාවයක් වළක්වන්නැයි පොලීසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් සංවිධානය කළ විරෝධතා රැළියක් වළක්වන ලෙස කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්...

බලශක්තියට නව නියාමන ආයතනයක්

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, ගුවන් යානා ඉන්ධන තෙල්, ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු, සහ ලිහිසි...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...