27 C
Colombo
Friday, May 3, 2024

අවුරුද්දට කැවිලිවල මිල අහස උසට

- Advertisement -

වෙනත් වර්ෂවලදී මෙන්ම මෙවරත් අලුත් අවුරුදු කැවිලි, වෙළෙඳපොළේ මිලදී ගැනීමට ඇතත් අමුද්‍රව්‍ය මිල ඉහළ ගොස් තිබීම හේතුවෙන් ඒවායේ මිල ගණන් සැළකිය යුතු ලෙස ඉහළ තිබෙනවා.

පොල්තෙල්, මුංඇට, සීනි, බිත්තර ඇතුළු අනෙකුත් ද්‍රව්‍යවල මිල ගණන් මේ වනවිට පවතින්නේ ඉහළ මට්ටමකයි.

වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසන්නේ පොල්තෙල් බෝතලයක් රුපියල් 700ත් 800ත් අතර මිලකටත්, මුංඇට කිලෝග්‍රෑමයක් රුපියල් 1000 දක්වාත් ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව කොන්ඩ කැවුම්, අතිරස, මුං කැවුම් එකක මිල රුපියල් 70 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පෙර වර්ෂවලදී ඒවායේ මිල පැවතියේ රුපියල් 40ක පමණ මිලකටයි.

කොකිසක මිලද රුපියල් 30 දක්වා ඉහළ ගොස් ඇති අතර පැණිවලලු අලෙවි කෙරෙන්නේ රුපියල් 35ත් 40ක් අතර මිලකටයි.

රුපියල් 90 ක මිලකට පැවති ආස්මි එකක් නව මිල රුපියල් 120ක් ලෙස වන අතර රුපියල් 35ක මිලකට පැවති අලුවා කැබැල්ලක නව මිල රුපියල් 50ක් බව රසකැවිලි අලෙවිකරුවන් පවසනවා.

අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවෙන් මේ වනවිට බටර් කේක් කිලෝග්‍රෑමයක මිල පවතින්නේ රුපියල් 1000ක් ලෙසයි.

මේ අතර, අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීම සඳහා ප්‍රධාන වශයෙන් යොදා ගැනෙන බුලත් කොලයක මිල ද රුපියල් 8ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...