27 C
Colombo
Monday, April 29, 2024

ඔයාලා කෑගහනකොට චූටි දුවට කන්න බැහැ. ඊයේ කෑවෙත් නැහැ – රාජ්‍ය ඇමති සාන්ත (වීඩියෝ)

- Advertisement -

තමන්ගේ නිවස ඉදිරිපිට කෑ ගසමින් විරෝධතාවන් සිදු නොකරන ලෙසට නව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එලෙස කෑ ගසා උද්ඝෝෂණය කරන විට තමන්ගේ කුඩා දියණිය බිය වන බවත් එවිට ඇයට ආහාර ගැනීමට පවා නොහැකි බවත් ශාන්ත බණ්ඩාර මහතා ඊයේ (16) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සදහන් කළා.

දියණීය ආහාර නොගත් නිසා මාධ්‍ය ඉදිරියේ ශාන්ත බණ්ඩාර මහතා හඩා වැටෙන ආකාරයද දක්නට ලැබුණා.

හැඩූ කඳුලින් ශාන්ත බණ්ඩාර මහතා සදහන් කළේ තමන් ආණ්ඩුවට එක්වීමට මුදල් ලබාගත් බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා නිදහසක් පක්ෂයේ පිරිසක් තම චරිතය ඝාතනය කරන බවයි.

ශාන්ත බණ්ඩාර මහතා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධූරය ලබාගැනීමෙන් අනතුරුව ඊට එරෙහිවූ ප්‍රදේශවාසීන් පිරිසක් බණ්ඩාර මහතාගේ මහරච්චිමුල්ලේ පිහිටි නිවස වටලා දැඩි විරෝධයක් පලකළා.


RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...