31 C
Colombo
Friday, May 3, 2024

අනේ අප්පච්චි යන්න එපා – පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා සභාපතිවරු සහ නගරාධිපතිවරු

- Advertisement -

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ
ප්‍රාදේශීය සභා සභාපතිවරු සහ නගරාධිපතිවරු ඒකමතිකව තීන්දු කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදන කරනවා.

ඒ අග්‍රාමාත්‍යවරයා සමඟ අරලියගහ මන්දිරයේ දී අද (27) දින පැවැති හමුවේදී.

මහින්ද රාජපක්ෂ මහතා බහුතර බලයක් සහිතව මහජන ඡන්දයෙන් පිහිටවූ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා බවත් ජනතා පරිමාධිපත්‍යට හිස නමන්නේ නම් අග්‍රාමාත්‍යවරයා එම ධුරයේ අඛණ්ඩව කටයුතු කළ යුතු බවත් මෙහිදී ප්‍රාදේශීය සභා සභාපතිවරු සහ නගරාධිපතිවරු ඒකමතිකව පවසා සිටි බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සදහන් කරන්නේ.

ඒ අනුව අදාළ තීන්දුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී දැනුම් දීමටද ප්‍රාදේශීය සභා සභාපතිවරු සහ නගරාධිපතිවරු මෙහිදී තීන්දු කර තිබෙනවා.

මහින්ද රාජපක්ෂ නාමය හා ප්‍රතිරූපය භාවිත කරමින් පාර්ලිමේන්තුවට පැමිණි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට අග්‍රාමාත්‍යවරයා ආරක්ෂා කිරීමේ වගකීමක් මෙන්ම යුතුකමක් ද ඇතැයි කී පළාත් පාලන ආයතන ප්‍රධානීහු රටේ ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති මෙවන් මොහොතක ආණ්ඩුව අස්ථාවර කර ස්වාධීනවීමට කිසියම් මන්ත්‍රීවරයකුට සදාචාරාත්මක අයිතියක් නැති බවද පවසා තිබෙනවා.

එසේ ස්වාධීන වීමට ආණ්ඩුවේ කිසියම් මන්ත්‍රී පිරිසක් ක්‍රියා කරන්නේ නම් බිම් මට්ටමේ ජනතාව ඔවුන්ට ප්‍රතිචාර දැක්වීමට සූදානම්ව සිටින බව සිහි තබාගත යුතු යැයි ද ප්‍රාදේශීය සභා සභාපතිවරු සහ නගරාධිපතිවරු කියා මෙහිදී සදහන් කළ බව අදාළ නිවේදනයේ සදහන්.


RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...