33 C
Colombo
Sunday, May 5, 2024

ඇමති කංචනගෙන් අලුත්ම ඉන්ධන මිල සූත්‍රයක්

- Advertisement -

ඉන්ධන සඳහා විනිවිදභාවයෙන් යුතු මිල සූත්‍රයක් ලබන සතියේ දී කැබිනට් මණ්ඩලයට හඳුන්වා දීමට බලාපොරොත්තු වෙන බව බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ලාභ ලබන්නට නොව අලාභ අවම කර ගැනීම සඳහා මේ මිල සූත්‍රය හඳුන්වා දෙන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

දුම්රියෙන් වැඩිපුර ඉන්ධන කොටසක් ප්‍රවාහනය කිරීමටත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව කී අමාත්‍යවරයා මෙි වන විට ප්‍රමාණවත් තරම් පෙට්‍රල් ලංකාවේ තිබෙන බවත් සඳහන් කර සිටිනවා.

දින තුනක් යනවිට පෙට්ට්‍රල් තත්ත්වය සාමාන්‍ය අතට පත් කිරීමට හැකි බවත් ඩීසල් සම්බන්ධ යම් ගැටලුවක් තිබෙන අතර නොරොච්චෝලේ බලාගාරය බිඳ වැටුණ හෙයින් ඩීසල් බලාගාර වලට දෙන්නට සිදුවී තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

දිවංගත හිටපු අමාත්‍ය මංගල සමරවීර විසින් ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දුන් විට එවකට විපක්ෂයේ සිටි වත්මන් රජය විසින් මිල සූත්‍රය දැඩි විවේචනයට ලක් කළ අතර වත්මන් රජය බලයට ආ වහාම එය අවලංගු කිරීමට ද කටයුතු කරන ලදි. නමුත් පසුව ඉන්ධන මිල පාලනය කර ගැනීමට නොහැකි තත්වයකට පත්වූ පසුව වත්මන් රජය විසින්ම මංගල සමරවීර මහතාගේ මිල සූත්‍රය අගය කරනු දක්නට ලැබිණ.


RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...