33 C
Colombo
Friday, May 3, 2024

මම ආණ්ඩුවට එකතුවෙලා ඇමතිකමක් ගන්නවා – හරීන් ප්‍රනාන්දු

- Advertisement -

තමන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට එක්වී අමාත්‍ය ධූරයක්ද භාරගන්නා බවට සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ස්වර්ණවාහිනී නාලිකාවේ ‘ඉර’ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ නව රජය තුළ සමගි ජන බලවේගයට අමාත්‍ය ධුර හිමිවිය යුතු බවට තමන් විශ්වාස කරන බවයි.

ඒ සම්බන්ධයෙන් තම පක්‍ෂය තීරණයක් ගන්නා තෙක් තවත් දිනක් පමණක් බලා සිටින බවද හරීන් ප්‍රනාන්දු මහතා සදහන් කරනවා.

“සජිත් ප්‍රේමදාස මහතා තමයි මේ රටේ අනාගත නායකයා, ඒ ගැන කිසිම සැකයක් නැහැ, නමුත් මම හිතන්නේ මේ මොහොතේ අපි දේශපාලනය ගැන නොසිතා නව රජයට සහය දිය යුතුයි. තව මාස හයකින් අපිට රටක් නැහැ, මේ අර්බුදය විසඳන්න සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක මේ අලුත් ආණ්ඩුවට එකතු වෙනවා නම් මම කැමතියි. GotaGoHome ක්‍රියාවලිය සඳහා ඇති ඉල්ලීම් ඇතුළත් කරුණු හතක් ඇතුළත් ලිපියක් අපි අග්‍රාමාත්‍යවරයාට යවලා තියෙනවා. අපිට ධනාත්මක පිළිතුරක් ලැබුණට පස්සේ අපි තීරණයක් ගමු, මේක මගේ තනි තීරණයක් නෙවෙයි. ගෝඨාභය පාස් කරන්න මම ආණ්ඩුවට එකතු වෙන්නේ නැහැ, ඔහු අසාර්ථකයි, දැන් අපිට මේ අසාර්ථක පුද්ගලයාව එළියට යවන්න වෙනවා, නමුත් එය ව්‍යවස්ථාවෙන් සිදු විය යුතුයි. A සැලැස්ම සමගි ජනබලවේගයේ සහය නිල වශයෙන් ලබාගැනීමයි. ඒක සිද්ධ වෙන්නේ නැත්නම් අපිට B සැලැස්මට යන්න වෙනවා.”


RECENT ARTICLES - SINHALA

Breaking:ලාෆ් ගෑස් මිලෙත් වෙනසක්

ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන්...

ඉඩම් පරිහරණ ගාස්තුව අය නොකිරිම නිසා රජයට කෝටි ගණනක පාඩුවක්

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩම්වල වැලි කැණීම් සඳහා රජය විසින් බලපත්‍ර ලබා දීමේ දී ඉඩම් පරිහරණ ගාස්තුව නියමිත ආකාරයට අය කර නොගැනීම නිසා...

නිවෙස් දෙකකින් බිරිඳගේ සහ සැමියාගේ මළ සිරුරු හමුවෙලා

වවුනියාවේ නෙඩුන්කේණී කිරිසුට්ටාන් ප්‍රදේශයේ නිවෙස් දෙකක තිබී අඹු සැමි යුවලකගේ මළ සිරුරු නෙඩුන්කේණී පොලිසිය විසින් ඊයේ (02) සවස සොයා ගෙන තිබෙනවා. ප්‍රධාන නිවසේ පදිංචිව සිටි...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...