29 C
Colombo
Sunday, May 5, 2024

උදයංගගේ වැඩ නිසා යාල සෆාරි රියදුරන් අමාරුවේ (වීඩියෝ)

- Advertisement -

යුක්‍රේනයෙන් මෙරටට අවස්ථා තුනකදී පැමිණි සංචාරකයින් පිරිසක් මේ වන විට දිවයිනේ ස්ථාන කිහිපයක සංචාරය කරමින් සිටිනවා.
ඒ අතර ඊයේ (02) දිනයේ ඉන් එක් සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ දින 5 ක් වැනි කාලයක් තුළ නිරෝධායනයද නොවෙමින් යාල වනෝද්‍යානය තුළ සංචාරය කර තිබුණා.
සංචාරක සංවර්ධන අධිකාරිය පවසා තිබුණේ අදාල සංචාරකයින් සමාජය සමඟ ගැටීමක් සිදු නොවන බැවින් ඔවුන් දින 14 ක් නිරෝධායනය වීම අත්‍යාවශ්‍ය නොවන බවයි.
කෙසේ වෙතත් යාල සංචාරයෙන් පසුව අදාල සංචාරකයින් රැගෙන ගිය සෆාරි ජීප් රථ රියදුරන් 27 දෙනෙකු හට දින 14 ක් නිරෝධායනයට යොමු කර තිබෙනවා.
මේ හේතුවෙන් සෆාරි ජීප්රථ රියදුරන් දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.
ඔවුන් පවසන්නේ අදාල සංචාරකයින් රැගෙන යාමෙන් අනතුරුව මෙලෙස නිරෝධායනයට වීමට සිදුවන බවයි ඔවුන් රැගෙන යාමට ප්‍රථමයෙන් බලධාරීන් තමන්ට දැනුම් නොදුන් බවයි.
යුක්‍රේනයෙන් පැමිණි සංචාරකයින් 6 දෙනෙකුට මේ වන විට කොවිඩ් 19 ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටිනවා.

යුක්‍රේන සංචාරකයින් මෙරටට රැගෙන ඒමේ ව්‍යපෘතියේ මූලිකයා ලෙස ක්‍රියාකරන්නේ හිටපු රුසියානු තානාපතිවරයෙකු මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාතියෙකුද වන උදයංග වීරතුංග මහතායි.
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ අදාල සංචාරකයින් ගෙන්වීමේ වැඩපිළිවෙල වෙනුවෙන් ඔහු ලබාදී ඇති ලිපිනය වන්නේ අරලියගහ මන්දිරය, කොළඹ 03 යන ලිපිනය බවයි.
උදයංග වීරතුංග මහතා වරින් වර කිහිප අවස්ථාවකදීම අදාල යුක්‍රේන සංචාරකයින් මුණ ගැසුනද ඔහු තවමත් කිසිදු නිරෝධායන ක්‍රියාවලියකින් තොරව නිදැල්ලේ සැරිසැරීමද විශේෂත්වයක්.


මෙම සිදුවීමට අදාල දර්ශන පහතින්,


RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...