25 C
Colombo
Tuesday, April 30, 2024

විමල්-ලාංසා පාර්ලිමේන්තුවේදී ගැටෙයි. ටිරාන් අලස්ලා ඩීල් දාපු හැටි එළියට

- Advertisement -

ආණ්ඩුවෙන් ඉවත්ව සිටින බව ජනතාවට අඟවමින් එක් එක් මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා හා රනිල් වික්‍රමසිංහ මහතා අතර ඩීල් දමාගන්නා ආකාරය අද (21) පාර්ලිමේන්තුවේදී හෙළිවුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කළේ ආණ්ඩුවෙන් ඉවත්වූ බව කියන නිමල් ලාංසා ඇතුළු කණ්ඩායම හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිප දෙනෙක් විවිධ අවස්ථාවන්හී රාත්‍රී කාලයේ ජනාධිපතිවරයා මුණ ගැසී රනිල් වික්‍රමසිංහ මහතාව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරන්නැයි ඉල්ලා සිටි බවයි.

ඊට පිළිතුරු දෙමින් නිමල් ලාංසා පැවසුවේ තමන් හෝ තමන්ගේ කිසිදු නියෝජිතයෙකු රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති ධූරයට පත්කරන්නැයි ඉල්ලීමට කිසිදු අවස්ථාවක ජනාධිපතිවරයා මුණ නොගැසුණු බවයි.

යළිත් නැගී සිටි විමල් වීරවංශ මහතා සඳහන් කළේ ජනාධිපත්වරයා සමඟ පැවති සාකච්ඡාවක එකඟතාවයක් අනුව නිමල් ලාංසාගේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු නලීන් බණ්ඩාර මහතා හට කැබිනට් අමාත්‍ය ධූරයක් හිමිවූ බවයි.

විමල් වීරවංශ මහතාගේ කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ජනාධිපතිවරයාව මුණගැසීමට පැමිණි ටිරාන් අලස් මහතාද කැබිනට් අමාත්‍ය ධූරයක් ලබාගත් බව එහිදී නැගී සිටි අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

ඊට අදාළ දර්ශන පහතින්,


RECENT ARTICLES - SINHALA

ආණ්ඩුව වැඩ පටන් අරන්.විපක්ෂයේ හතකට මත්පැන් බලපත්‍ර

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත්  හත් දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර (බාර් ලයිසන්) ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසනව බව ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. මෙසේ...

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ පන්ජාබ් කිංග්ස්

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතු කර ගත්තා. ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස...