31 C
Colombo
Tuesday, April 30, 2024

ටිරාන් අලස් වැඩඅරඹමින් අජිත් රෝහණ දකුණු රටට මාරු කරයි

- Advertisement -

නව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ටිරාන් අලස් මහතා පත්වීමෙන් අනතුරුව සිය ප්‍රමුඛ කාර්ය ලෙස උසස් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදී තිබෙනවා.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අපරාධ හා රථ වාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරුකර යවා තිබෙනවා.

එමෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ඩී.ආර්.එස් දමින්ද මහතා දකුණු පළාත භාර ‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්.කේ.ඩබ්ලිව්.කේ සිල්වා මහතා නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට අපරාධ හා රථ වාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත් පත්කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් අදාළ ස්ථානමාරු කිරීම් සේවයේ අවශ්‍යතාවය මත ක්‍රියාත්මක කර ඇති බවයි.


RECENT ARTICLES - SINHALA

මැයි දිනේට සෙනග අදින්න CTB බස් 1500ක් ඉල්ලලා

මැයි දිනය වෙනුවෙන් දේශපාලන පක්ෂ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් බස් රථ එක්දහස් පන්සියයක් ඉල්ලා තිබෙන බවට වාර්තා වනවා. කෙසේනමුත් ඊයේ (29) සවස වනවිට මුදල්...

මහින්දානන්ද නිදොස් කොට නිදහස්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග...

කෙහෙළියගේ පෙත්සමේ තීන්දුව කල් ගිහින්

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දුන් නියෝගය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ පන්ජාබ් කිංග්ස්

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතු කර ගත්තා. ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...