30 C
Colombo
Friday, May 3, 2024

ඒ තරම් අර්බුදයක් නෑ..! – හරීන්

- Advertisement -

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රටතුළ අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක කිරීමට ඊයේ පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලදි.

ඒ අනුව, සෞඛ්‍ය, ප්‍රවාහන, ආරක්ෂක සේවා, කෘෂිකාර්මික කටයුතු ඇතුළු සේවා පමණක් ක්‍රියාත්මක වන අතර මෙම තීරණය ජුලි මස 10 වැනිදා දක්වා බලපැවැත්වේ.

කැබිනට් රැස්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මෙය කිසිසේත්ම රට වසාදැමීමක් නොවන බවයි. රට වසාදැමීමට තරම් අර්බුදයක් රටතුළ නොමැති බවත්, දැනට රටතුළ තිබෙන සීමිත ඉන්ධන තොග ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම තීරණයට එළඹි බවත් ඔහු සඳහන් කරනවා.

එසේම මෙවැනි පියවරක් අනුගමනය කරන්නේ, ජුලි 10 වැනිදා සිට රට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමේ පෙර සූදානමක් ලෙස බවත් ජනතාව ඔවුන් ජීවත් වන ප්‍රදේශ තුළම රඳවා ගැනීම මේ හරහා සිදුවන බවත් ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ ලඟම ඇති වෙළඳසලෙන්, ෆාමසියෙන් මිලදී ගතහැකි බවත් හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

“රටක් හැටියට අපි මේ මොහොතේ විශාල කැපකිරීම් රාශියක් කරපු කණ්ඩායමක්. රටක් විදියට අපි විශ්වාස කරනවා රාජ්‍ය අංශයත් පෞද්ගලික අංශයත් සහයෝගය ලබාදෙයි කියලා. විශේෂයෙන්ම මේකට හේතුව පසුගිය දවස්වල අපි ඇණවුම් කළ ඉන්ධන තොග සීමිත වීම සම්බන්ධයෙන් රටේ උද්ගතවෙලා තියෙන ව්‍යාකූල තත්වය. ඒ නිසා අපි මූලික වශයෙන්ම කල්පනා කරන්නෙ ජුලි 10 වනදායින් පස්සේ මේ රට සාමාන්‍ය ලෙස පත්වාගෙන යන්නට අවශ්‍ය ඉන්ධන සියලු දේ මේ දවස් කිහිපයේදී එක්‍ රැස්කර ගැනීම සහ ඒවා අවශ්‍ය විදියට බෙදාහැරීමේ කළමනාකාරීත්වය කරන්න.

අත්‍යාවශ්‍ය සේවා කිව්වාම ආහාර පාන බෙදාහැරීම්, අන්තර්වාර ප්‍රවාහනය, සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය සියලු ඉන්ධන ලබාදීම, ඒ වගේම ගුවන්යානාවලටත් සංචාරකයින්ටත් අවශ්‍ය කටයුතු ඒ අයුරින්ම සැපයෙනවා. ඒ වගේම යම්කිසි කෙනෙක් වරදවා තේරුම් ගන්න එපා, මේක ලොක්ඩවුන් එකක් නෙවෙයි. මේක හැබැයි නිවසේ සිට වැඩකිරීමක් ජුලි 10 වෙනිදා වෙනකල්. ඒ නිසා අපට අවශ්‍ය වෙන්නේ ඒ පළාතේ රැඳීම තමයි. ඒ පළාතේ රැඳීම තුළදී තමන්ගෙ බඩුගන්න තියෙන කඩ, ෆාමසි ඒ සියලු දේවල් සාමාන්‍ය පරිදි සිදුවෙනවා”


RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...