32 C
Colombo
Monday, April 29, 2024

අහංගම වෙඩිතැබීමකින් තවත් පුද්ගලයෙකු මරුට

- Advertisement -

අහංගම ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් තුවාල ලබා තිබෙනවා.

පොලීසිය පවසන්නේ අදාළ වෙඩිතැබීම අහංගම ගොවියාපාන ප්‍රදේශයේ අවන්හලක් තුළදී සිදුව ඇති බවයි.

වෙඩි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ වයස අවුරුදු 40ක මිදිගම ප්‍රදේශයේ පදිංචි අයෙක්.

ඔහු මීට මාස දෙකකට පෙර බන්ධනාගාර ගතව සිට නිදහස ලබා පැමිණි අයෙකු බව පොලීසිය පවසනවා.

විදුලිය විසන්ධි වී තිබු අවස්ථාවක අදාළ අවන්හලට පැමිණි සැකකරුවන් වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බව වාර්තා වනවා.

ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම වෙඩිතැබීම හේතුවෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුලත් කෙරුණා.

එම අවන්හලේ මුදල් අයකැමිවරයා වන ඔහුගේ වයස අවුරුදු 19 ක්.


RECENT ARTICLES - SINHALA

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...