33 C
Colombo
Friday, May 3, 2024

දුටුගැමුණුත් ම්ලේච්ඡයි..! – හඳුන්නෙත්ති

- Advertisement -

වංශකතාවල ලියැවී ඇති බොහෝ චරිත ම්ලේච්ඡ බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලමණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

ඒ, යූ ටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින්.

කිසිඳු අරගලයක් සාමකාමී නොවන බවත් වීර පුරන් අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා, කැප්පෙටිපොල, සහ දුටුගැමුණු දුටු ගැමුණු වැනි ඉතිහාසයේ චරිත ද ම්ලේච්ඡ බවත් ඔහු පවසනවා.

තවද, රනිල් වික්‍රමසිංහගේ නිවසට ගිනිතැබීම ද සාමකාමී ක්‍රියාවක් බවයි ඔහු පවසන්නේ

ප්‍රශ්නය –

“එතකොට ජනාධිපතිවරයාගේ ගෙදරට ගිනිතියපු එකත් සාමකාමීද ?”

හඳුන්නෙත්ති –

“ඔව් ! සාමකාමීයි !”

ප්‍රශ්නය –

“ඒ කොහොමද ?”

හඳුන්නෙත්ති –

“තුවක්කු පැත්තකින් තියලා එයා සාකච්ඡා කරන්න ආවා නම් ගිහිල්ලා කතා කරනවානෙ ? එයා ජනාධිපති හින්දා සාකච්ඡා කරන්න ආවා නම් කතා කරනවානෙ ? එයා වෙඩිතිබ්බ හින්දානෙ, එයා කඳුළු ගෑස් ගහපු හින්දානෙ මේ පැත්තෙන් ඒ විදියට ගියෙ ?”

ප්‍රශ්නය –

“ඒක ම්ලේච්ඡත්වය නෙවෙයිද ?”

හඳුන්නෙත්ති –

“ඉතිං දෙකම ම්ලේච්ඡත්වයනෙ ? (සිනාසෙයි) ඉතින් කිසි අරගලයක් සාමකාමී නෑනෙ ? අරගල කියන්නෙ එහෙම තමයි. ඉතින් ඔය විදියට බැලුවොත් දුටුගැමුණු රජ්ජුරුවන්ගේ නැගිටීමත් ම්ලේච්ඡයි. ඉතිහාසයේ ගත්තොත් එහෙම මොකක්වත් ම්ලේච්ඡ නැති අරගල නෑනෙ ? වීර පුරන් අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා, කැප්පෙටිපොල, ඊට කලින් දුටුගැමුණු, ඔය මහා වංශකතාවල ලියන ඔක්කොම ඉතින් ම්ලේච්ඡයිනෙ ?”



RECENT ARTICLES - SINHALA

සජිත් සහ නෝර්වේ තානාපතිනිය අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග නෝර්වේජියානු තානාපතිනි May Elin Stener සහ නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් Johan Bjerkem අතර හමුවක් අද (03) සිදු වී...

තල්මසුන් මැරීමේ ජාවාරමක මහ මොළකරු කොටු වෙයි

ශ්‍රී ලංකාව අවට මුහුදේ වෙසෙන දුර්ලභ ගණයේ තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලේ සහ උදරයේ ඇති අම්බර රුපියල් කෝටි ගණන් මුදලට විකුණනු ලබන ජාවාරමක මහ මොළකරු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...