27 C
Colombo
Tuesday, May 7, 2024

අසල්වැසි ඉන්දියාවේ නැඟී සිටීම ශ්‍රී ලංකාවට හයියක්..! – වාසුදේව

- Advertisement -

ඉන්දියාව ආර්ථිකමය වශයෙන් ලෝකයේ පස් වැනි තැනට පැමිණීම යනු, ආසියාව ලෝකය තුළ ආර්ථිකමය බල හුවමාරුවේ සුවිශේෂ අවස්ථාවකට පැමිණීමක් ලෙස වාසුදේව නානායක්කාර පවසනවා.

අසල්වැසි රාජ්‍යය වශයෙන් ඉන්දියාවේ මෙම නැඟී සිටීම ශ්‍රී ලංකාවට හයියක් බව ද වාසුදේව නානායක්කාර ප්‍රකාශ කරනවා.

විසඳුම් සෙවීමට ප්‍රශ්න ගැන කතා කිරීමෙන් වැඩක් නැති බවත් ඒ සඳහා විසඳුම් ගැන පමණක් කතා කිරීම ඵලදායී බවත් වාසුදේව නානායක්කාරගේ මතය යි.

මේ අතර, ශ්‍රී ලංකාවට මෑතකාලීන ව ඇමරිකානු ඩොලර් බිලියන 04ක සහන සපයා ඇති බව ඉන්දියාව පවසනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දියානු නිත්‍ය නියෝජිත රැචිරා කාම්බෝජ් මේ බව සඳහන් කළේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සභාවේ සැසියක් අමතමින්.

ඉන්දියාව ආසන්නම අසල්වැසියන් වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබා දෙන බව සදහන් කළ ඇය කියා සිටියේ, අසල්වැසියෙකු මෙන්ම සමීප මිතුරකු ද වන ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම සදහා විශේෂයෙන් කටයුතු කර ඇති බවයි.

2017 වර්ෂයේ ඉන්දියාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය එක් ව ස්ථාපිත කළ සංවර්ධන සහයෝගීතා අරමුදල මඟින් මේ වන විට සංවර්ධනය වෙමින් පවතින රටවල් 51ක ව්‍යාපෘති 66ක් සදහා සංවර්ධන සහය පළ කර ඇති බව ද ඇය මෙහි දී අනාවරණය කළා

මේ අතර, ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහනය කළ හැකි සහ ගොඩ බැස්සවිය හැකි දෙවැනි ගුවන් යානා ප්‍රවාහන නෞකාවත් ඉන්දීය නාවික හමුදාවට පසුගිය දා එකතු වුණා.

ඒ ඉන්දීය සාගර කලාපයේ අණසක පතුරුවන නාවික ක්ෂේත්‍රයේ ද දැවැන්තයා තමන් බවට තහවුරු කරමින්.

ඒ අනුව පසුගිය දා එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් ඉන්දියාවේ නිෂ්පාදිත පළමු ගුවන්යානා ප්‍රවාහන නෞකාව, වික්‍රාන්ත් අධිකාරියට පත් කිරීමේ උත්සවය කේරළයේ දී පැවැත්වුණා.

වික්‍රාන්ත් වසර 13ක් පුරා ඉන්දීය නාවික හමුදාවේ යුධ නැව් සැලසුම් කාර්යාංශය විසින් නිර්මාණය කර ඇති අතර කොචි හි කොචින් නැව් තටාකාංගනයේ සාමූහික උත්සාහයක අග්‍රඵලය යි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයෙන් අනතුරුව ටොන් 45,000ක් බරැති වික්‍රාන්ත් ඉන්දීය නාවික යාත්‍රා වික්‍රාන්ත් (INS – Vikrant) යන ගෞරවය හිමිකර ගත්තා.

දිගින් අඩි 860ක් වන මෙම නෞකාවේ උස අඩි 197ක්.

පැයට නාවික සැතපුම් 28ක උපරිම වේගයකින් ගමන් කළ හැකි මෙම නෞකාවට එක් ඉන්ධන පිරවුමකින් පසු ව නාවික සැතපුම් 7500ක දුරක් ගමන් කළ හැකි අතර, එය මාස 8ක කාලයක් අඛණ්ඩ ව සයුරේ රඳවා තබා ගැනීමටත් හැකි යි.


RECENT ARTICLES - SINHALA

අල්ලස් කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීමට එරෙහිව පෙත්සම් 3ක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නව අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ලෙස ඩබ්ලිව්. කේ. ඩී. විජේරත්න මහතා පත්කිරීම සහ එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලන නියෝගයක්...

නාට්ටාමින්වරුන්ට අලුත් වාහනයක්

පිටකොටුවේ රැකියා කරන නාට්ටාමින්වරුන් සඳහා විද්‍යුත් අත් කරත්ත ලබාදීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්...

ග්‍රාම නිලධාරීන් අදත් ලෙඩවෙලා

වැටුප් ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය අද (07) දිනයේත් ක්‍රියාත්මක වන අතර වැඩවර්ජනය ආරම්භ කර අදට දින 06...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....