33 C
Colombo
Thursday, May 2, 2024

චීන කසළ පොහොර ගනුදෙනුවෙන් රජයට බිලියන 1.3ක පාඩුවක්

- Advertisement -

චීන කාබනික පොහොර ගනුදෙනුවේ දී රජයට රුපියල් මිලියන 1,382ක පාඩුවක් සිදුව ඇති බව විගණකාධිපතිවරයා නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙනවා.

සිය වාර්තාව මගින් විගණකාධිපතිවරයා නිර්දේශ කර ඇත්තේ අදාළ ගනුදෙනු සම්බන්ධයෙන් වගකිවයුතු සියලුදෙනාට එරෙහිව නඩු පවරා ඔවුන්ගෙන් එම පාඩුව අයකර ගන්නා ලෙසයි.

පසුගිය අගෝස්තු 6 වනදා විගණකාධිපතිවරයා නිකුත් කළ නවතම විගණන වාර්තාවකට අනුව චීන කාබනික පොහොර ගෙන්වීමේදී රජයට සිදුකර ඇති පාඩුව පිළිබඳව අනාවරණය කර තිබෙනවා.

රසායනික පොහොර ආනයනය 2021 වසරේදී තහනම් කිරීමෙන් අනතුරුව එවකට රජය 100%ක් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට නොහැකිවීමෙන්, සීමාසහිත චීනයේ කින්ඩාඕ සීවින් බයෝටෙක් සමාගම වෙතට කාබනික පොහොර ආනයනය සඳහා අනුමැතිය ලබාදී තිබේ.

එම කාබනික පොහොර සාම්පල පරීක්ෂාවේදී ඒවා ජීවානුහරණය කර නොමැති බවත් එහි “අර්වීනියා” හා “බැසිලස්” නමැති අහිතකර බැක්ටීරියා ඇති බවත් ජාතික ශාක නිරෝධායතනය නිරීක්ෂණය කර ඇති බව විගණන වාර්තාවේ සඳහන් වේ.

එවැනි වාර්තාවක් නිකුත් කර තිබියදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත්කළ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සාමාජිකයන්ගෙන් යුතු විශේෂ කාර්ය කමිටුවක් හරහා ලබාදුන් නිර්දේශ මත අදාළ කාබනික පොහොර තොගය ආනයන කිරීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමට රජයේ පොහොර සමාගම් දෙක වන සීමාසහිත ලංකා පොහොර සමාගම සහ සීමාසහිත කොමර්ෂල් පොහොර සමාගම කටයුතු කර ඇති බව එම විගණන වාර්තාව පෙන්වා දෙනවා.

ටොන් 20,550කින් යුත් චීන කාබනික පොහොර කොළඹ වරායට ගොඩබෑමට උත්සාහ කළ ද එය ශාක නිරෝධායන නීතියට පටහැනි බැවින් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවූ අතර ඒ ගනුදෙනුව මුල්කරගෙන කොළඹ වාණිජ මහාධිකරණයේ ගෙන ගිය නඩුකරය සමථයකට පත්වී ඇත්තේ සමස්ත නැවේ පිරිවැයෙන් සියයට 75ක් හෙවත් අමෙරිකානු ඩොලර් මිලියන 6.9ක් ගෙවීමට රජය කටයුතු කිරීම හේතුවෙනි.

ඒ අනුව, රජයට රුපියල් මිලියන 1,382ක පාඩුවක් සිදුකර ඇති බව විගණකාධිපතිවරයා පෙන්වාදෙන අතර අත්තිකාරම් ගෙවීම සිදුකර ඇත්තේ කිසිදු සුරක්ෂිතයකින් තොරව බව එහි සඳහන් වෙයි.

ඒ අනුව, මෙම ගනුදෙනුවට සම්බන්ධ වගකිවයුත්තන්ට එරෙහිව නඩු පවරා ඔවුන්ගෙන් මුදල් අයකරගන්නා ලෙස නිර්දේශ කරන විගණකාධිපතිවරයා යෝජනා කර සිටින්නේ සැපයුම්කාර සමාගම ශ්‍රී ලංකාවේ නීතිරීතිවලට අනුව සහ ගිවිසුමට අනුව ක්‍රියා නොකිරීම නිසා සැපයුම්කාර සමාගම ශ්‍රී ලංකාව තුළ අසාදු ලේඛනගත කරන ලෙසයි.


RECENT ARTICLES - SINHALA

එරික් සෝල්හයිම් යාපනයේ කඬොලාන බලන්න යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශක සහ හිටපු නෝර්වේ විදේශ කටයුතු අමාත්‍ය එරික් සෝල්හයිම් මහතා ඊයේ (01) යාපනය, මණ්ඩතිව් පිහිටි කඩොලාන...

යාපනයේ රෝහලක් අසලින් මිනිස් අස්ථි කොටස් හමුවෙයි

යාපනය - පුන්කුඩිතිව් රෝහල ආසන්නයේ තිබී මිනිස් අස්ථි කොටස් තොගයක් හමුවූ බව උර්කාවතුර පොලිසිය සඳහන් කරනවා. ඒ අනුව එම ස්ථානයේ කැණීම් කටයුතු අද (02) නිල...

විවාදෙට එන්නේ නැත්තේ හරි සැලැස්මක් නැති නිසා – හර්ෂ

මෙරට ආර්ථිකට ගොඩ නැඟීම සඳහා යථාර්තවාදී වැඩපිළිවෙළක් ඇත්තේ සමඟි ජන බලවේගයට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා. සමඟි ජන බලවේගයේ මැයි දින...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...