29 C
Colombo
Saturday, May 4, 2024

සාරි අඳින්න කියනවා නම් දීමනාවක් දෙන්න – ලංකා ගුරු සංගමය

- Advertisement -

ගුරුවරුන් සඳහා නිශ්චිත ඇඳුමක් චක්‍රලේඛයක් මගින් ප්‍රකාශයට පත් කළහොත් ඒ සඳහා දීමනාවක් ලබා දිය යුතු බව ලංකා ගුරු සංගමය පවසනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ, පහසු ඇඳුමකින් සැරසී කාර්යාල සඳහා සේවයට වාර්තා කරන ලෙස නිකුත් කර ඇති චක්‍රලේඛය අත්තනෝමතික ලෙස වෙනස් කිරීමට රජය උත්සාහ දරමින් සිටින බවයි.

ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමුවීමටද කටයුතු කරන බව ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළා.

“රාජ්‍ය සේවකයින්ට පහසු ඇඳුමකින් සේවයට එන්න තියෙන අවස්ථාව පරිහරණය කිරීමට බැහැ කියනවා නම් එය පොදු තීරණයක් බවට පත්වෙන්න ඕනේ. ඇඳුම් සම්බන්ධයෙන් විවිධ අයට තීරණ ගන්න බෑ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා ක්‍රමයක් නැතිව අත්තනෝමතිකව වෙනස් වීම් කරනවා නම් අපි අනිවාර්යයෙන්ම අධිකරණ ක්‍රියාමාර්ගයට යනවා. මේ තියෙන එක එහෙම වෙනස් කරන්න පුළුවන්කමකුත් නෑ. පැහැදිලිවම දැනට සාරිය අඳින එක කිසිම ගැටලුවක් නෑ. ඉස්සරහටත් කිසිම ප්‍රශ්නයක් නෑ. යම්කිසි විදියට බලහත්කාරයක් ආවොත් ඒ අයට දෙන්න වෙයි නිල ඇඳුම් දීමනාවක් දෙන්න වෙයි. ගුරුවරු කැමැත්තෙන් සාරිය අඳිනවා. ඒක ප්‍රශ්නයක් නෑ. අනිවාර්ය කළොත් අපි අනිවාර්යෙන්ම දීමනාවක් ගන්නවා.”


RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...