33 C
Colombo
Thursday, May 2, 2024

භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශයෙ දැරණියගල පස් ජාවාරම

- Advertisement -

පහත දැක්වෙන පින්තූර මගින් දක්වා ඇත්තේ දැරණියගල නගරයට කිලෝ මීටරයකට පමණ කලින් ප්‍රධාන මාර්ගයට යාබදව අංශක 80 ක පමණ දැඩි බෑවුමකින් යුතු වනාන්තරයක් වැනි කඳු මුදුනක් ඩෝසර් හා බැකෝ යොදාගෙන පස් ව්‍යාපාරයට භාවිතා කරන ආකාරයයි.

මෙම පස් ව්‍යාපෘතියේ අවාසනාවන්තම තත්ත්වය නම්, මධ්‍යයම පරිසර අධිකාරිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හෝ ප්‍රාදේශීය සභාව කිසිදු අනුමැතියක් ලබාදී නොමැති නමුත් භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශය විසින් බලපත්‍රයක් ලබා දීමයි.

ඉහත ආයතන මෙම ස්ථානය පස් කැපීමේ ව්‍යාපාරයකට කිසිසේත් සුදුසු ස්ථානයක් නොවන බවට වාචිකව සහ ලිඛිතව දක්වා ඇත.

එසේ තිබියදී මෙවැනි නායයාම් අධි අවදානම් ප්‍රදේශයක පස් ව්‍යාපාරයකට බලපත්‍ර ලබා දුන්නේ කෙසේද? කාගේ අවශ්‍යතාවයකටද?

මෙමගින් මාර්ගය නාය යාමක් සිද්ධ වුවහොත් ඒ සඳහා වන්දි ගෙවන්නේ කවුරුන්ද?

මේ සම්බන්ධව මා පෞද්ගලිකව දැරණියගල ප්‍රාදේශීය සභාවත්, ප්‍රාදේශීය ලේකම්වරියක් භූ විද්‍යා හා පතල් කාර්යාංශයට ලිඛිතව පැමිණිලි කර ඇති බව දනිමි.

කෙසේ නමුත් මේ වන තෙක් මෙම අක්‍රමික ක්‍රියාවලිය නැවැත්වීමට භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශය කටයුතු නොකරන්නේ මන්ද ?

මෙම ප්‍රදේශයේම ප්‍රධාන මාර්ගයේ ඉහත කී කන්ද පැත්තට වන බෑවුම නාය යාමේ අවදානම ගලවා ගැනීමට දේශගුණ අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඩොලර් මිලියන ගණන් ණය ගෙන පැති බැමි ඉදිකරමින් සිටියි.

දැරණියගල යනු අද ලංකාවේ වැඩිම වර්ෂාපතනය ලැබෙන ප්‍රදේශයයි.

දිය ඇලි ඝනත්වය අතින් රත්නපුරත් දැරණියගල ලංකාවේ ප්‍රමුඛස්ථානයේ සීටියි.

මෙම පස් කන්ද කපන ස්ථානයෙන්ද ඉතා වටිනා දිය පාරක් ගමන් කරන අතර එය භාවිතා කරමින් අයෙකු කර්මාන්තයක් ලෙස වාහන සේදීම පවා සිදු කරයි.

මෙවැනි පස්කඳු වර්ෂාපතනය උරාගෙන ජලය ලබා දීමත්, එහි ඇති වන වැස්මෙන් වර්ෂාව සහ ජලය උත්පාදනය කිරීමත් සිදු කරයි.

මේවා කපා දැමීමෙන් ජලය හිඟ වීමත් වර්ෂාපතනය අඩු වීමත් දැරණියගල කාන්තාරයක් වීමත් ඉක්මන් වනු ඇත.

එතෙක් දැරණියගල ජනතාව මුකවාඩම් බැඳගෙන සිටීම පුදුම සහගතය.

පරිසරවේදී – ජයන්ත විජේසිංහ

අදාල ස්ථානය මීට පෙර පැවති ආකාරය – https://www.google.com/…/data=!3m6!1e1!3m4…


RECENT ARTICLES - SINHALA

UNPයට සහ පොහොට්ටුවට මෝදිගේ පක්ෂයෙන් ආරාධනයක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ඉන්දීය මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින්ට ආරාධනා...

කටුනායක වීසා නිකුත් කරන්න ඉන්දියන් සමාගමකට දීලා, සංචාරකයින් පෝළිමේ

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ සිදුවූ ප්‍රමාදයන් හේතුවෙන්  ඊයේ (01) එම පරිශ්‍රය තුළ උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබුණා. මේ හේතුවෙන්, විදේශිකයන් ගුවන්තොටුපළේ...

එරික් සෝල්හයිම් යාපනයේ කඬොලාන බලන්න යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශක සහ හිටපු නෝර්වේ විදේශ කටයුතු අමාත්‍ය එරික් සෝල්හයිම් මහතා ඊයේ (01) යාපනය, මණ්ඩතිව් පිහිටි කඩොලාන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...