32 C
Colombo
Friday, March 29, 2024

ගෑස්වලටත් මිල සූත්‍රයක්

- Advertisement -

ගෘහස්ථ ගෑස් සිලින්ඩර සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කරනවා.

එම සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් කියා සිටියේ පවතින ප්‍රවණතාවයට අනුව ලබන මාසය වනවිට ගෑස් මිල අඩුවනු ඇතැයි ගණන් බලා ඇති බවයි.

සමාගමට එවැනි සහනයක් ලැබෙන පළමු මාසය තුළම සිය ස්වාධීන මිල සූත්‍රය හඳුන්වා දීමට අදහස් කරන බව වෑගපිටිය මහතා සදහන් කරනවා.

“මිල පහත වැටීමට සමගාමීව ගෑස් මිල අඩු කරන සහ ගෑස් මිල වැඩිවීමට අනුකූලව වැඩි කරන ක්‍රමයක් අනුගමනය කරන එකම සංවිධානය ලාෆ්ස් සමාගමයි” යනුවෙන් ඔහු මෙහිදී පවසා සිටියා.

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අත්‍යාවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවෙන් පසුගියදා ගෘහස්ථ ගෑස් සිලින්ඩර ඉවත් කර ඇති බවත්, ඒ හේතුවෙන් එම නිෂ්පාදනය සඳහා උපරිම සිල්ලර මිලක් තීරණය කිරීමට අධිකාරියට නොහැකි බවත් වෑගපිටිය මහතා පෙන්වා දෙනවා.

ලාෆ්ස් ගෑස් සිලින්ඩරය ආශ්‍රිතව අනතුරක් සිදුවුවහොත් එවැනි සිදුවීම් සඳහා රක්ෂණාවරණයක් ලබාදීමේ ක්‍රමවේදයක්ද ඔවුන් සතුව පවතින බවද වෑගපිටිය මහතා වැඩිදුරටත් සදහන් කරනවා.


RECENT ARTICLES - SINHALA

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...