ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා සිදුකළ ප්‍රකාශයක් මේ වන විට ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිකර තිබෙනවා.
ඊයේ (23) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සදහන් කළේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්, නීතිඥ සංගමයේ ඇතැම් නිලධාරීන් හා ඇතැම් විනිසුරුවරුන් අපරාධරුවන්ට ඉක්මනින් ඇප ලබාදීම සම්බන්ධයෙන් වගකිවයුතු බවයි.
මේ සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත්තේ සනත් නිශාන්ත මහතා අධිකරණයට බලපෑමක් වන ප්‍රකාශයක් කර ඇත්දැයි මුල් වීඩියෝ පට මාධ්‍ය ආයතන වලින් කැදවා පරීක්ෂණයක් සිදුකරන ලෙසයි.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සනත් නිශාන්ත මහතා වැඩිදුරටත් චෝදනා කළේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් පොදුදේපල පනත යටතේ හෝ පුරාවිද්‍යා පනත යටතේ අත්අඩංගුවට ගත් පසුව මහාධිකරණයෙන් ඇප ලබාගත යුතු වුවත් මේ වන විට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදී ගෙදර යවන බවයි.