29.4 C
Colombo
Friday, April 26, 2024

ශ්‍රී ලංකාවට තවත් පැරාලිම්පික් පදක්කමක්

- Advertisement -

ටෝකියෝ පැරාලිම්පික් උළලේදී මෙරටට පදක්කමක් දිනා දීමට තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් අද (30) සමත්විය.

ඒ, පිරිමි හෙල්ල විසිකිරීමේ (F 64) ඉසව්ව නියෝජනය කළ සමිත දුලාන් කොඩිතුවක්කුයි.

මෙය දුලාන්ගේ පෞද්ගලික හොඳම දක්‍ෂතාව මෙන්ම, මෙම කාණ්ඩයේ පැරා වාර්තාවක්ද විය. මීට පෙර මෙම වාර්තාව පිහිටුවා තිබුණේ 2012 ලන්ඩන් පැරා උළෙලේදී චීන ක්‍රීඩකයෙකු මී. 58.53ක දක්‍ෂතාවක් දක්වමිනි.

ශ්‍රී ලංකා හමුදා පොලිස් සේවය නියෝජනය කරන දුලාන් මීට පෙර ජාත්‍යන්තර තරග බිමේ අත්කරගෙන සිටි ඉහළම ජයග්‍රහණය වූයේ, 2019 වර්ෂයේ ඩුබායිහිදී පැවති ලෝක පැරා ශූරතාවලියේදී එම ඉසව්වේ සිව්වැනි ස්ථානය දිනාගැනීමයි.

මේ වනවිට පැරාලිම්පික් උළෙලේදී පදක්කම් 2ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව මේ වනවිට සමත්වී ඇත.

පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දීමට දිනේෂ් ප්‍රියන්ත හේරත් අද පෙරවරුවේ සමත්වූයේ නව ලෝක වාර්තාවක් ද තබමින්.


RECENT ARTICLES - SINHALA

මෛත්‍රීගේ පාස්කු මහමොළකරු කතාවට ටිරාන්ගෙන් උත්තර

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු හෙළි කර...

නව පත්කිරීම් කිහිපයකට අනුමැතිය

නව තානාපතිවරයෙක්, අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ ආයතන සභාපතිවරයන් දෙදෙනෙක් පත් කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබෙනවා. ඒ අනුව...

අයිස් සමග හසුවූ ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනා තවදුරටත් රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකපිට අත්අඩංගුවට ගත් නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සැකකරුන් හතර දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26)...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...