27.9 C
Colombo
Monday, April 29, 2024

වාහනයක් මිලදී ගැනීමට අගමැතිගෙන් මන්ත්‍රීවරුන්ට තීරු බදු සහනයක්

- Advertisement -

වාහනයක් මිලදී ගැනීම සඳහා කැමති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත බලපත්‍ර ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නැවත වරක් ප්‍රකාශ කර ඇති බව වාර්තා වනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) ජනාධිපති මන්දිරයේ පැවති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී අගමැතිවරයා මේ බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හට පවසා තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා කණ්ඩායම් රැස්වීමේදී සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

තිස්ස කුට්ටිආරච්චි මහතා පවසා ඇත්තේ තමා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම වාහනයක් වත් නොමැතිව රජය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවයි.

පසුව අග්‍රාමාත්‍යවරයා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් විමසා ඇත්තේ තමන්ට වාහන අවශ්‍ය නැති බව කියන මන්ත්‍රීවරු අත් ඔසවන ලෙසයි.

ඊට ප්‍රතිචාර වශයෙන් ආණ්ඩු පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙක් අත් ඔසවා නොමැතිවීම විශේෂත්වයක්.

පසුය යළිත් වරක් අග්‍රාමාත්‍යවරයා විමසා ඇත්තේ තමන්ට වාහනයක් අවශ්‍ය බව පවසන මන්ත්‍රීවරුන්ට අත් ඔසවන ලෙසයි.

ඊට ප්‍රතිචාර වශයෙන් මන්ත්‍රීවරුන් සියලුම දෙනා අත් ඔසවා ඇති අතර ඇතැම් මන්ත්‍රීවරුන් දෑතම ඔසවා ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ඔවුනට තීරුබදු රහිත බලපත්‍ර ලබාදෙන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීමත් සමඟම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අත්පොළසන් දී සිය සතුට පලකර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...