28.9 C
Colombo
Friday, April 26, 2024

රස වැඩියෙන්, ලුණු අඩුවෙන් කන්න – ශිරන්ති රාජපක්ෂ

- Advertisement -

අධික ලුණු භාවිතය සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන අතර අධි රුධිර පීඩනය සහ ඊට අදාළ සංකූලතා ඇතිවීමේ අවධානනම ඉහළ යන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා.

මෙම අදහස් පලව ඇත්තේ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පස්වරුවේ කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවති ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමය සංවිධානය කළ “රස වැඩියෙන් ලුණු අඩුවෙන් ආහාර පිසීමේ ජාතික අභියෝගය 2021′ අවසන් මහා තරඟයේදීයි.

ලුණු අඩු ආහාරවේලක ඇති වැදගත්කම පිළිබදව ආහාර තාක්ෂණ සහ සූප ශාස්ත්‍ර කටයුතුවල නියුතුවන්නන් මෙන්ම මහජනතාවට අවබෝධයක් ලබාදීමට මෙම තරඟාවලිය සංවිධානය කර තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය, සෞඛ්‍ය අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංගමයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමය සංවිධානය කළ මෙම තරඟාවලියේ පළමු වටය සඳහා නිර්ණායක සපුරණලද සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් 40 ක් මේ සඳහා තරඟ වැදුණා.

එම කණ්ඩායම් 40 න් අවසාන වටයට තේරී පත්වූ කණ්ඩායම් 5 ක් ඊයේ දිනයේ තරඟ වැදී තිබෙනවා.

එහි ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගීවූ අග්‍රාමාත්‍ය ආර්යාව අවසන් තරඟකරුවන් සමඟ සුහද කතාබහක යෙදී ඔවුන් පිසූ ආහාරවල රස බැලීමට කටයුතු කළා.


RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...