33 C
Colombo
Tuesday, April 30, 2024

ඉදිරි වසරේ ආනයන වියදම ඩොලර් බිලියන 22යි, අපනයන ආදායම ඩොලර් 12යි – ජනපති

- Advertisement -

ඉදිරි වසර සඳහා රජය අපෙක්ෂා කරන ආනයන වියදම අ.ඩො.බි. 22ක් බවත්, අපනයන ආදායම අ.ඩො.බි. 12ක් බවත් ඒ හේතුවෙන් වෙළඳ ශේෂය ලෙස අ.ඩො.බි 10ක් ඇතිවිය හැකි බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

කෙසේ වෙතත් වෙළද ශේෂය අවම කරගැනීමේ මාර්ග ලෙස ඉදිරි වසරේදි සංචාරක කර්මාන්තයෙන් අ.ඩො.බි. 3ක ආදායමකුත්, විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ ලෙස අ.ඩො.බි. 3 කුත් අපෙක්ෂා කරන බව ජනාධිපතිවරයා ජාතිය අමතමින් සඳහන් කළා.

ඒ අනුව හිඟ වෙළද පරතරය අ.ඩො.බි. 05ක් පමණ වියහැකි යැයි රජය අපෙක්ෂා කරන බවයි ජානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එමෙන්ම මෙම වර්ෂය තුළදී ශ්‍රී ලංකාව ණය වාරික හා ස්වෛරි බැදුම්කර සඳහා අ.ඩො.බි. 6.9ක් ගෙවීය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

කෙසේ වෙතත් මෙම වසරේදි ආයෝජන හා ණය ආධාර තුළින් අ.ඩො.බි. 2.5ක මුදලක් මෙරටට ලැබෙතැයි රජය අපෙක්ෂා කරන බව ජනාධිපතිවරයා කළ විශේෂ ප්‍රකාශයේ සඳහන්.

එමෙන්ම අමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියල නම්‍යශීලි කිරීමට රජය ගත් පියවර සමඟ ඉදිරි වසරේදි අපේක්ෂිත ආනයන වියදම අ.ඩො.බි. 22 සිට 20 දක්වා අඩුවිය හැකි බවත් අපේක්ෂිත අපනයන ආදායම අ.ඩො.බි. 12 සිට 13 දක්වා වැඩිවිය හැකි බවත් ජනාධිපතිවරයා ජාතිය අමතා ප්‍රකාශ කළා.


RECENT ARTICLES - SINHALA

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

දරුවන්ට ශාරීරික දඬුවම් ලබාදීම තහනම් කරමින් තද නීතියක්

සියලුම ක්ෂේත්‍රවල ශාරීරික දඩුවම් පැනවීම තහනම් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාවද...

රතුපස්වල නඩු තීන්දුව කල් යයි

රතු පස්වල නඩුවේ තීන්දුව ලබා දීම මැයි 17 වන දින දක්වා කල් තැබීමට තීරණය කර තිබෙනවා. පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ පන්ජාබ් කිංග්ස්

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතු කර ගත්තා. ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...