30.2 C
Colombo
Friday, April 26, 2024

කෝප් කමිටුවෙන් හර්ෂ ඉල්ලා අස්වෙයි

- Advertisement -

තමන් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වන බවට සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා පවසන්නේ මහාචාර්ය චරිත හේරත් මහතා කෝප් කමිටුවට ඇතුළත් නොකිරීමේ හේතුව මත මෙම තීරණය ගත් බවයි.

මේ අතර පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා නව කමිටුවට නම් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (04) පාර්ලිමේන්තුව අමතමින් යෝජනා කළා.

සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ එම කමිටුවේ සාමාජිකයෙකු ලෙස පත් කළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කෝප් කමිටුවෙන් ඉවත්වීමට ස්වාධීන තීරණයක් ගෙන ඇති බවයි.

පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා මහාචාර්ය චරිත හේරත් මහතා යෝජනා කිරීමට විපක්ෂය තීරණය කර ඇති බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා

27 දෙනෙකුගෙන් යුත් කෝප් කමිටුව කථානායකවරයා විසින් ඊයේ ප්‍රකාශයට පත් කළ අතර, එහි මහාචාර්ය චරිත හේරත්ගේ නම ඇතුළත් කර තිබුණේ නැහැ.

නව කෝප් කමිටුව පිළිබඳව අදහස් දක්වමින් මහාචාර්ය හේරත් මහතා තම නම ඉවත් කිරීම සම්බන්ධයෙන් රජයට, විශේෂයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාට දැඩි දෝෂාරෝපණයක් එල්ල කළා.


RECENT ARTICLES - SINHALA

කොකුවිල් දුම්රිය ස්ථානයට සීල් තියලා

යාපනය කොකුවිල් දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් ලද ආදායමෙන් රුපියල් ලක්ෂ විසි හතරක මුදලක් වංචා වීමත් සමගම දුම්රිය විමර්ශන නිලධාරීන් විසින් කොකුවිල් දුම්රිය ස්ථානයට...

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනව. ඔහු අද (26) පාර්ලිමේන්තුවේදී සඳහන්...

සිරිසේන නිසා අසාධාරණයට ලක්වුවන් ගැන හොයන්න දුමින්දගෙන් කමිටුවක්

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සභාපතිත්වය යටතේ අත්තනෝමතික ලෙස ලබා දුන් ආසන සංවිධායක ධූර සම්බන්ධයෙන් සොයා බලන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ වැඩබලන මහ ලේකම් පාර්ලිමේන්තු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...