29.4 C
Colombo
Friday, April 26, 2024

මට ඉංග්‍රීසි බෑ; රට හදන්න බෑ – චාමර සම්පත්

- Advertisement -

තමා මන්ත්‍රීවරුන් බාගැනීමේ උත්සහයක නිරත නොවන බව බදුල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසනවා.

ඒ, අද (08) දින පාර්ලිමේන්තුව අමතමින්.

තමාට අග්‍රාමාත්‍ය ධූරය අනවශ්‍ය බවත් ඉංග්‍රීසි දැනුමක් නොමැති, ජාත්‍යන්තරය ගැන අවබෝධයක් නොමැති තමාට රට හැදීමට නොහැකි නිසා අවශ්‍ය නම් ඌවේ මහ ඇමති ධූරය නැවතත් දැරිය හැකි බව මන්ත්‍රීවරයා පවසනවා.

2015 වසරේ ජනාධිපතිවරණයෙන් පරාජය වූ මහින්ද රාජපක්ෂව බැහැ දැකීමට ලක්ෂ ගණනින් පැමිණි ජනතාවම හෙට දිනයේ ලක්ෂ ගණනින් කොළඹට පැමිණ විරෝධතා පැවැත්වීමට සූදානම් වීම සම්බන්ධ යතාර්ථය අවබෝධ කරගත යුතුව ඇති බවත් ජනතාවගේ හැසිරීම පක්ෂ – විපක්ෂ භේදයකින් තොරව හඳුනාගත යුතුව ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම, දේවාලයකට යන්නාක් මෙන් ලක්ෂ ගණනින් කාල්ටන් නිවසට පැමිණි ජනතාවම ලක්ෂ ගණනින් කාල්ටන් නිවස වට කළ බවයි ඔහු පවසන්නේ.

තමා නැවත පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ පාර්ලිමේන්තුව ස්ථාවර වූ විට පමණක් බවත් ඔහු අවධාරණය කර සිටියා.


RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

මෛත්‍රීගේ පාස්කු මහමොළකරු කතාවට ටිරාන්ගෙන් උත්තර

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු හෙළි කර...

නව පත්කිරීම් කිහිපයකට අනුමැතිය

නව තානාපතිවරයෙක්, අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ ආයතන සභාපතිවරයන් දෙදෙනෙක් පත් කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබෙනවා. ඒ අනුව...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...