31 C
Colombo
Saturday, July 27, 2024

මට ඉල්ලා අස්වෙන්න කිව්වෙ නැහැ – කබ්රාල්

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට මහබැංකු අධිපති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස නියෝග කල බවට පැතිර යන කටකතා අසත්‍ය බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

ඔහු පවසන්නේ තමන් හට මේ වන තෙක් එවැනි ඉල්ලීමක් නොලැබුණු බවත් තවදුරටත් තමන් මහබැංකු අධිපති ධූරයේ කටයුතු කරන බවත්ය.

පවත්නා දැඩි ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහය ලබාගැනීමට රජය තීරණය කර තිබුණා.

කෙසේවෙතත් මහබැංකු අධිපතිවරයාගේ අදහස වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීමට රජය ක්‍රියානොකල යුතු බවයි.

මේ හේතුවෙන් මුදල් අමාත්‍යවරයා හා මහබැංකු අධිපතිවරයා අතර විරසකයක් හටගෙන ඇතිබවට මාධ්‍ය වාර්තා පලකෙරුණා.

අමාත්‍ය ධූරය අහිමිවූ විමල් වීරවංශ මහතා අතුළු කණ්ඩායම පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවේදීද පැවසුණේ මහබැංකු අධිපතිවරයා හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර ආර්ථික කරුණු සම්බන්ධයෙන් කිසිදු සන්නිවේදනයක් සිදු නොවන බවයි.

පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් මෙරටට පැමිණ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හා ජනාධිපතිවරයා අතර සාකච්ඡා පැවැත්වුවද එම කිසිදු සාකච්ඡාවකට මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහභාගී නොවීමද විශේෂත්වයක්.

පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කබ්රාල් මහතා පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මෙරට රජය සාකච්ඡා පවත්වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණින් නොවන බවයි.

කෙසේ වෙතත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (16) සවස ජාතිය අමතමින් කළ කතාවේදී පවසා සිටියේ තමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරමින් සිටින බවත්, වාසි සහ අවාසි පිළිබඳව සොයා බලා ඔවුන් සමඟ දිගටම කටයුතු කිරීමට තීරණය කළ බවත්ය.

මේ අනුව කබ්රාල් මහතාගේ මූල්‍ය උපායන් හා රජයේ මූල්‍ය උපායන් එකිනෙක ගැටෙන පරිසරයක් තුළ ඔහුගේ ධූරය තව කොපමණ කාලයක් රැදී තිබේදැයි ගැටළුවක් පැනනැගී තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...

ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වෙනවා කියලා කලින්ම දැනගෙන හිටියා – රනිල්

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් ක‍ළේ, ඒ බව තමා විසින් ගෝඨාභය...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...