29 C
Colombo
Thursday, May 16, 2024

අපේ වැඩවලට ඇඟිලි ගැහුවොත් ඔළු කුඩුවෙන්න පුළුවන් – චීන ජනපතිගෙන් පණිවුඩයක්

- Advertisement -

චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවැනි සංවත්සරය වෙනුවෙන් ජාතිය ආමන්ත්‍රණය කළ චීන ජනාධිපති ෂී ජිංපිං අවධාරණය කළේ තම රටේ ක්‍රියා සඳහා මැදිහත්වීමට හෝ හිරිහැර කිරීමට විදෙස් බලවතුන් උත්සාහ කළහොත් ඔවුන්ගේ ඔළු කුඩුවිය හැකි බවයි.

එමෙන්ම චීන ජනාධිපතිවරයා පවසන්නේ අනවශ්‍ය දේශනා වලට සවන්දීමට තම රට සූදානම් නැති බවයි.

චීනයේ පරිපාලන කලාපයක් වන හොංකෙං හි වැසියන්ගේ මානුෂීය අයිතීන් උල්ලංඝනය කරන බවට අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් පසුගිය කාලය පුරාවටම චීනයට දැඩි ලෙස චෝදනා එල්ල කළා.

මේ නිසා විදෙස් විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ චීන ජනාධිපතිවරයා අමෙරිකාව ඉලක්ක කර එම ප්‍රකාශය සිදුකළ බවයි.

1921 වසරේ දී පිහිටවු චීන කොමියුනිස්ට් පක්ෂය සැලකෙන්නේ ලොව පැරණිතම සහ බලවත්ම දේශපාලන පක්ෂය ලෙසයි.

වසර 72ක් පුරා චීනයේ පාලන බලය හොබවන්නේද චීන කොමියුනිස්ට් පක්ෂයයි.

පක්ෂ සංවත්සරයට සමගාමීව චීනයේ සැමරුම් උත්සව අවස්ථා රැසක්ද පැවැත්වුණා.


RECENT ARTICLES - SINHALA

රවී වෛද්‍යාලංකාරට කෝටියක ශරීර ඇප දෙකක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසට අද (15) අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ නිවාස ලබාදෙන...

මියගිය කාන්තාවක් ජීවත් වන බවට ලිපියක් දුන් ග්‍රාම නිලධාරිට වැඩ වරදී

මියගොස් ඇති තැනැත්තියක් ජීවත්ව සිටි බව සදහන් කරමින් ලියවිල්ලක් නිකුත් කිරීමක් සම්බන්ධයෙන් ග්‍රාම නිළධාරීවරයෙක් කළුතර කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ...

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...