30.1 C
Colombo
Friday, April 26, 2024

අරගලකරුවන්ට කන්න දීපු සුපිරි හෝටලයක් ගැන විමර්ශන

- Advertisement -

ගාලුමුවදොර අරගලය ආරම්භයේ සිටම අරගලකරුවන්ට කොළඹ තරු හෝටලයකින් දිනපතා ආහාර ලබා දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව පොලීසිය සදහන් කරන්නේ අදාළ හෝටලයෙන් අරගලකරුවන්ට දිනකට ආහාර පාර්සල් 500- 600 ක ප්‍රමාණයක් ලබාදුන් බවට මේ වන විට කරුණු වාර්තා වී ඇති බවයි.

එම හෝටලය මෑතක් වන තුරුම අරගලකරුවන්ට ආහාර ලබාදී ඇති බවද පොලීසිය සදහන් කරනවා.

මෙම ආහාර පාර්සල් නොමිලේ ලබා දුන්නේ ද , නැතහොත් කිසියම් සංවිධානයක් විසින් ඇනවුම් කර මේවා ලබා දුන්නේද යන්න හෙළිකර ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් ආරංචි මාර්ග පවසන්නේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටි අරගලකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමකදි මේ බව හෙළිවී ඇති බවයි.


RECENT ARTICLES - SINHALA

මත්තල ගුවන්තොටුපොළ කළමනාකරණයට ආයතන දෙකක් 

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි පහසුකම් භාවිත කිරීම...

ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නියාමනයට අලුත් සභාවක්

ශ්‍රී ලාංකීය ජනතාවගේ මෙන්ම සමස්ථ ලෝවාසී ජනතාවගේ නීරෝගී සුවය උදෙසා ගුණාත්මක තත්ත්වයෙන් උසස් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලියක් වෙනුවෙන් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නියාමන සභාව පත්කිරීම...

කොකුවිල් දුම්රිය ස්ථානයට සීල් තියලා

යාපනය කොකුවිල් දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් ලද ආදායමෙන් රුපියල් ලක්ෂ විසි හතරක මුදලක් වංචා වීමත් සමගම දුම්රිය විමර්ශන නිලධාරීන් විසින් කොකුවිල් දුම්රිය ස්ථානයට...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...