33 C
Colombo
Friday, May 3, 2024

ජොන්ස්ටන් CID ය මඟහරියි

- Advertisement -

ගාලුමුවදොරදී හා කොල්ලුපිටියේදී මැයි 09 වැනි දින අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමට ඊයේ (23) දිනයේදී පැමිණෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම්දීමක් කර තිබුණා.

කෙසේ වෙතත් ඊයේ දිනයේ ඔහු අදාළ ප්‍රකාශය ලබාදීමට පැමිණ නැති බවයි වාර්තා වන්නේ.

පසුගිය 09 වනදා එවක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධූරයෙන් ඉල්ලා අස්වීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී පැවති පාක්ෂිකයන් හමුවේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකෝපකාරී කතාවක්ද පැවැත්වූවා.

ඉන් අනතුරුව එහි රැස්ව සිටි පිරිස් අරලියගහ මන්දිරයෙන් ඉවතට පැමිණ මයිනාගෝගමට හා ගෝඨාගෝගමට අමානුෂික ලෙස පහරදීමක් සිදුකළා.

එදිනම රාත්‍රියේ ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් කුරුණෑගල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ඇති ඔහුගේ දේපල රැසක් ගිනිතබා විනාශ කර තිබුණා.

කුරුණෑගල ප්‍රදේශයේදී විරෝධතාකරුවන් විසින් ගිනි තබා විනාශ කළ හිටපු ඇමැති ජෝන්ස්ටන් ප්‍රනාන්දු, කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව හා කුරුණෑගල ප්‍රාදේශීය සභා සභාපති අචල නිමන්ත යන අයගේ නිවෙස්වල තිබී කිලෝග්‍රෑම් 12.5ක් බරැති ගෑස් සිලින්ඩර 140ක් පමණ හමුවී තිබූ බව මාධ්‍ය වාර්තා කළා.


RECENT ARTICLES - SINHALA

ID 2ක් හදන්න ව්‍යාජ ලේඛන දුන් පුද්ගලයෙක් පොලීසිය සොයයි

ජාතික හැඳුනුම්පත් දෙකක් සකස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය අපේක්ෂා කරන බව නිවේදනයක් නිකුත් කරමින්...

ලාල් කාන්ත සමාජවාදය අතහැරලා නම් සතුටුයි – පාඨලී

ලාල් කාන්ත මහතා සමාජවාදය අතහැරීම පිළිබඳව සතුටට පත් වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී...

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක වෙරළාසන්න ජනතාවට නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුහුදු රළ උස ප්‍රමාණය ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඇම්බර් වර්ණයෙන් යුතු එම නිවේදනයේ දැක්වෙන්නේ කල්පිටිය සිට කොළඹ,...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...