ඉදිරියේදී ගෑස් ආනයනය සීමා කිරීමට සිදුවිය හැකි බව ලාෆ් ගෑස් සමාගම පවසනවා.
ගෑස් ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීම සීමා කිරීම හේතුවෙන් මෙම තත්වය උදාවි ඇති බවයි එම සමාගම පෙන්වා දෙන්නේ.
රට තුල පවතින ඩොලර් සංචිත හිඟය හේතුවෙන් ඇතැම් බැංකු ණයවර ලිපි නිකුත් කිරීම සීමා කර තිබෙනවා.
අලාභ ලබම්න් ගෑස් අලෙවි කිරීමට සිදුව ඇති බව පෙන්වා දෙමින් මිල ඉහළ දැමීම සඳහා අවස්ථා කිහිපයකදී පාරිභෝගික අධිකාරිය වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණද පාරිභෝගික අධිකාරියේ සහ කැබිනට් මණ්ඩලයේ තීරණ මත එසේ මිල ඉහළ දැමීමට ඉඩ ලැබුණේ නෑ.
කෙසේ වෙතත් මෙරට ගෑස් අලෙවියේ 30% ක පමණ කොටසක් ලාෆ් සමාගම සතු වන අතර එම සමාගම ගෑස් ආනායනය නතර කඛොත් ලිට්‍රෝ සමාගමට ගෑස් වෙළඳ ඒකාධිකාරයක් හිමිවනු ඇති.
මේ අතර, ජනතාව නොමඟ යවන සුළු බවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් පෙන්වා දුන් ලීටර් 18 ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
මේ අනුව, එහි නව මිල රුපියල් 1150ක් වනු ඇති.