27.9 C
Colombo
Saturday, April 27, 2024

රනිල් රාජපක්ෂ, මෙන්න මේක තමයි කියන්න තියෙන්නේ..! – හිරුණිකා

- Advertisement -

දන්දිනා රාජපක්ෂගේ කුසින් උපන් රනිල් රාජපක්ෂ විසින් සිය එක කුස උපන් සහෝදරයා වන ගෝඨාභයගේ නිවස ඉදිරිපිට විරෝධතා සිදු කිරීම සම්බන්ධව පළි ගනිමින් සිටින බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චෝදනා කර සිටිනවා.

ඒ, ඊයේ (05) දින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු සැකකරුවන් ලෙස නම් කරන මෙන් පොලීසිය විසින් කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

දිනපතා හඳුනානොගත් මළ සිරුරු ගොඩහසන තත්වයක් රටේ පවතින විට ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවන පොලිසිය ගෝඨාභයට එරෙහිව විරෝධතා සිදුකළ පිරිස් හඹා යන බව ඇය පවසනවා.

“අරගලයට සම්බන්ධ ළමයි තමයි මෙතන වැඩියෙන්ම ඉන්නෙ. ජනාධිපතිගෙ ෆ්‍රිජ් එකෙන් ගස්ලබු පළුවක් කෑවා කියලා, ජනාධිපතිගෙ ඇඳේ නිදාගත්තා කියලා වගේ චෝදනා වලට තමයි වැඩිහරියක් දෙනා මේ ඇතුලෙ ඉන්නෙ. ඇත්තටම ලැජ්ජයි රනිල් රාජපක්ෂගේ පළවෙනි කර්තව්‍ය වෙලා තියෙන්නේ අරගලයට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ාරන් චෝදනා එල්ල කරමින් එයාලව අපහසුතාවයට පත් කරන එක. හරිනම් මල් දාලා පිළිගන්න ඕනෙ. අපි නිසා තමයි ගෝඨාභය ගෙදර ගිහින් රනිල් රාජපක්ෂ ජනාධිපති පුටුවෙ ඉන්නෙ. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා එයා අද ජනාධිපති පුටුවේ ඉන්නෙ ජනතා අරගලය නිසා.”

ජනාධිපතිවරයා රාජපක්ෂවරුන්ට අවශ්‍ය පරිදි කටයුතු කරන්නේ නම් ජනතාව විසින් ඔහුව ප්‍රතික්ෂේප කරනු ඇති බවත් මෙලෙස ජනතාව අත්අඩංගුවට ගැනීම් දිගින් දිගටම සිදු කළහොත් ගෝඨාභයට අත්වූ ඉරණමට වඩා දරුණු ඉරණමකට ජනාධිපතිවරයාට මුහුණදීමට සිදුවනු ඇති බවත් ඇය අවධාරණය කරනවා.


RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...