31 C
Colombo
Saturday, May 4, 2024

ලංසා පාරවල් හදන්නේ හිතවත් කොන්ත්‍රාත්කාරයෙක් දාලා..! – රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත

- Advertisement -

රණවරාපිටිය මාර්ගය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරුන් දෙපළක් වන නිමල් ලාන්සා සහ සනත් නිශාන්ත අතර ඇතිවූ ගැටුම මේ වන විට වඩාත් උණුසුම් ආකාරයක් ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන බවට නිමල් ලාන්සා මහතා පවසන අතරවාරයේ සනත් නිශාන්ත මහතා පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන්ට ලැබෙන මුදල් ද පොහොට්ටු ඇමතිවරුන්ට ලැබිය යුතු බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත,

“ගඟෙන් බීලා මුහුදට ආවඩන්න බැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සල්ලි දීලා අපේ පක්ෂය වැටෙන්න දෙන්න පුළුවන්කමක් නැහැ. ලාන්සලට වැඩිය අපි මේ පක්ෂයට ආදරෙයි. මේ සම්බන්ධව මං කැබිනට් ඇමතිතුමාට පරීක්ෂණයක් කරන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමාට.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට, රජය හැටියට මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් කරද්දී ඒ මුදල් ටික කොහොමද බෙදෙන්නේ කියලා.., එතකොට එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට කිලෝමීටර් 25 ගානේ බෙදනවා කියලා තීරණයක් අරන් තිබුණා.

ඊට පස්සේ ජොන්ස්ටන් ඇමතිතුමත් මට පාරවල් දුන්නා. මෙයත් දුන්නා.

මට පාරවල් කිලෝමීටර් 50කට ආසන්න ප්‍රමාණයක් හම්බුණා. එතකොට මේ අපේ දුන්නු පාරවල් ටික සේරම මෙයාගේ හිතවත් කොන්ත්‍රාත්කාරයෙක් දාලා දැනට අවුරුද්දකට ඉස්සෙල්ලා මේ පාරවල් කිලෝමීටර් 50ම ගත්තා.

ඒ අරගෙන 20%ක් මේකෙන් ඇඩ්වාන්ස් එකකුත් දුන්නා අර මිනිහට. මේ පාරවල් ටික දැන් අවුරුද්දක්. කරන්නේ නැහැ. ඒ තියෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, මේ කවුරුවත් නෙවෙයි ශ්‍රී ලංකා එකේ සංවිධායක. මිනිහා කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්දරවසම් 19යි. ඒ 19යේ හොඳම වසම් 10ක් පිවිසුම් මාර්ගය සම්පූර්ණම කිලෝමීටර් 35ක් විතර අර මිනිහට දීලා.

මම ඇහුවා මොකක්ද දීපු හේතුව කියලා. ඒකට කතා කළාම මිනිහා ෆෝන් එක කට් කළා. කට් කරපුවම මං මැසේජ් එකක් දැම්මා. මැසේජ් එකේ වගකීම මං භාරගන්නවා. මේ පක්ෂය අපි දුක්විඳලා හදපු පක්ෂය. අපි හිරගෙදර මාස 03යි දවස් 19ක් ඉද්දි නිමල් ලාන්සලා එවෙලේ හිටියේ ආණ්ඩුවේ ඇමතිවරු හැටියට.”


RECENT ARTICLES - SINHALA

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

පොහොට්ටුවේ උප නගරාධිපතිට මත්ද්‍රව්‍ය ලබාදුන් කාන්තාවක් අත්අඩංගුවට

පසුගිය දින සීදූව කටුනායක ප්‍රදේශයේ හිටපු උප නගරාධිපතිවරයෙක් වන ලලිත් රොහාන් සිල්වා නැමැති පුද්ගලයා බඩල්ගම පොලිසිය විසින් පසුගිය දින හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට...

හෙට උණුසුම ගැන නිවේදනයක්

හෙට (05) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (04) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද,...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...