30.1 C
Colombo
Friday, April 26, 2024

සජිත් ජවිපෙ සමග ආණ්ඩුවක් පිහිටුවීමේ සූදානමක..! – වාසු

- Advertisement -

විපක්ෂනායකවරයා ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ කර ගනිමින් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බවට තොරතුරු වාර්තා වන බව හිටපු අමාත්‍ය වාසුදේව නානයක්කාර පවසනවා.

ඒ, ආණ්ඩුවෙන් ස්වාධීන වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ සතිපතා පැවැත්වෙන රැස්වීම ඊයේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එම රැස්වීමට පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොළවත්ත මහතාද එක්ව සිටීම විශේෂත්වයක්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර,

ප්‍රශ්නය –

“එදා ඉඳලා කියනවා සර්ව පාක්ෂික ආණ්ඩුව ගැන. කවදාද ඕක හැදෙන්නේ ? කවුද කකුලෙන් අදින්නේ ?”

වාසුදේව –

“කකුලෙන් අදින්නේ නැහැ. බෙල්ලෙන් අල්ලා අපිව තල්ලුකරලා දාලා තියෙන්නේ.”

ප්‍රශ්නය –

“කවුද ?”

වාසුදේව –

“ගෝඨාභය”

ප්‍රශ්නය –

“ඔහු පමණමද ?”

වාසුදේව –

“ඔහු පිටුපසෙන් මොන අවතාරය ඉන්නවාද දන්නේ නැහැ. ඔහු තමයි බෙල්ලෙන්ම අල්ලා අපිව එළියට දාලා රනිල්ව වැද්දගෙන තියෙන්නේ බංකුව යටට.”

ප්‍රශ්නය –

“ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මත දෙකක ඉන්නවා නම් මේ ආණ්ඩුව ගෙනියන්න පුළුවන්ද ඉදිරියට ?”

වාසුදේව –

“ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් මත දෙකක නැහැ දැනට. කථා යනවා… රනිල්ව අයින්කරන්න යන්නේ කියලා. මට පේන හැටියට සජිත් උත්සාහ කරන්නේ, සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න ජෙවිපෙ එක්ක එකතුවෙලා. එයාට අගමැති වෙන්න ඕනේ වෙලා තියෙන්නේ.”

ප්‍රශ්නය –

“ඔබතුමාලා සහයෝගය ලබාදෙනවාද ?”

වාසුදේව –

“සර්ව පාක්ෂික ආණ්ඩුව හැදෙනවා නම් ඒකේ ප්‍රතිපත්තිය හා ක්‍රියාමාර්ගය පමණයි අපිට වැදගත්.”


RECENT ARTICLES - SINHALA

ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නියාමනයට අලුත් සභාවක්

ශ්‍රී ලාංකීය ජනතාවගේ මෙන්ම සමස්ථ ලෝවාසී ජනතාවගේ නීරෝගී සුවය උදෙසා ගුණාත්මක තත්ත්වයෙන් උසස් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලියක් වෙනුවෙන් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නියාමන සභාව පත්කිරීම...

කොකුවිල් දුම්රිය ස්ථානයට සීල් තියලා

යාපනය කොකුවිල් දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් ලද ආදායමෙන් රුපියල් ලක්ෂ විසි හතරක මුදලක් වංචා වීමත් සමගම දුම්රිය විමර්ශන නිලධාරීන් විසින් කොකුවිල් දුම්රිය ස්ථානයට...

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනව. ඔහු අද (26) පාර්ලිමේන්තුවේදී සඳහන්...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...