මෙරටට පැමිණීමට නියමිත සංචාරකයන්ගේ පහසුව තකා කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කරන ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඉල්ලීම් මාලාවක් ඉදිරිපත් කර ඇත.
එම අධිකාරියේ සභාපතිනි කිමර්ලි ප්‍රනාන්දු විසින් ඊයේ (07) පැවති සාකච්ඡාවකදී සාකච්ඡා කළ පරිදි දේශීය සංචාරක කර්මාන්තයට සංචාරක ව්‍යාපාරයේ “අපේක්ෂිත” ප්රතිඵලය ලබා ගත හැකි වන පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ වෙනස් කරන ලෙස සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්ය අසේල ගුණවර්ධන මහතාගෙන් නිල වශයෙන් ලිපියකින් ඉල්ලා සිටියේය.
(1) පූර්ණ එන්නත්කරණය කර ඇති ගුවන් සේවකයින් සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් (PPE ) ඇඳීමේ අවශ්‍යතාවය ඉවත් කිරීම
(2) පූර්ණ එන්නත්කරණය කර ඇති සංචාරකයින් සඳහා ගොඩ වීමට පැය 72 කට පෙර PCR අවශ්‍යතාවය ඉවත් කිරීම
(3) යුරෝපා සංගම් රෙගුලාසි වලට අනුකූලව අවුරුදු 12 ට අඩු ළමුන් සඳහා පීසීආර් අවශ්‍යතාවය ඉවත් කිරීම
(4) සංචාරක මාර්ගයේ දී සහ ගුවන් තොටුපලේදී පූර්ණ ලෙස එන්නත් කර ඇති මගීන් සඳහා ක්ෂණික ප්‍රතිදේහ පරීක්‍ෂණයකට ඉඩ දීම, එම ඉල්ලීම් අතර වේ.
රුසියාවේ ජනගහනය මිලියන 144 කට වැඩි බවත් එහි මුළු ජනගහනයෙන් සියයට 25 කට ආසන්න ප්‍රමාණයක් එන්නත් ලබා දී ඇති බවත් එය ශ්‍රී ලංකාවේ ප්‍රධාන මූලාශ්‍ර වෙළඳපොලක් බවත් අධිකාරිය පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා මේ වන විට රුසියාවේ සිටිති.
