33 C
Colombo
Wednesday, May 8, 2024

චමුදිතගේ ආරක්ෂාව ගැන වහාම ක්‍රියාමාර්ග ගන්න..! තරුණ ජනමාධ්‍යවේදීන්ගෙන් පොලිස්පතිට ලිපියක්

- Advertisement -

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල ගංගාරාම පාරේ පිහිටි නිවසට අද (14) අළුයම 2 ට පමණ නාදුනන පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

පැමිණි පුද්ගලයින් නිවසට ගල් හා අසූචි ප්‍රහාරයක් එල්ලකර ඇති අතර ඉන් නිවසට සැලකිය යුතු අලාභහානියක් සිදුව තිබෙනවා.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට ඇති තර්ජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් මීට පෙරද පැමිණිලි කර තිබූ නමුත් අදාල සංගමයෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තද, පැමිණිල්ල සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග ගැන දැනුම්දීමක් සිදු නොකළැ බවයි පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය පවසන්නේ.

එබැවින් නිවසට ප්‍රහාරයක් එල්ලවීම ගැන ඔහුගේ පැමිණිල්ල කඩිනමින් විමර්ශනය කරන ලෙසත්, ඔහුට යම් ජීවිත තර්ජනයක් ඇත්නම් ඔහුගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන් සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

පොලිස්පතිතුමා, 

පොලිස් මූලස්ථානය, 

කොළඹ.

පොලිස්පතිතුමනි,

චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධවයි

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අද අලුයම ප්‍රහාරයක් එල්ල වී ඇති බව හිරු රූපවාහිනිය වාර්තා කළේය. ඒ සම්බන්ධයෙන් සමරවික්‍රම මහතා පොලිසියට පැමිණිල්ලක්ද කර තිබේ. 

තමාට ජීවිත තර්ජනයක් ඇති බවත්, කිසියම් පිරිසක් තමා මරා දැමීමට උත්සාහ කරන බවත් මාධ්‍යවේදී හරීන්ද්‍ර ජයලාල් මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සමරවික්‍රම මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණු අතර ඒ ගැන වමර්ශනයක් කරන ලෙස අප සංගමය පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් ද කළේය. 

එවැනි ඉල්ලීමක් කරන්නේ ඇයිද යන්න ගැන පොලිසිය අප සංගමයෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තද, පැමිණිල්ල සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග ගැන දැනුම්දීමක් කළේ නැත.

මාධ්‍යවේදියකුට පමණක් නොව ඕනෑම පුරවැසියකුට භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය සහ ජීවත්වීමේ අයිතිය හිමිවන අතර එය සුරක්ෂිත කිරීම ආණ්ඩුවේ සහ පොලිසියේ වගකීමක් බව අප සංගමයේ අදහසයි.

එසේ හෙයින් නිවසට ප්‍රහාරයක් එල්ලවීම ගැන ඔහුගේ පැමිණිල්ල කඩිනමින් විමර්ශනය කරන ලෙසත්, ඔහුට යම් ජීවිත තර්ජනයක් ඇත්නම් ඔහුගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන් සංගමය ලෙස අපි ඉල්ලා සිටිමු.

ස්තුතියි.

මෙයට, 
විශ්වාසී,

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

පිටපත්

1) සභාපති, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම – මීට පෙර පැමිණිල්ලට ගත් ක්‍රියාමාර්ග ගැන සහ මෙම සිදුවීම ගැන  විමර්ශනයක් කිරීම සඳහා


RECENT ARTICLES - SINHALA

හිරුණිකාට එරෙහි පැමිණිල්ලක් කැඳවන්න දින දෙයි

අධිකරණයට අපහාස කළේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ජූනි මස 14 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා. එමෙන්ම,...

මැදවච්චියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්

පහර දීමක් හේතුවෙන් තරුණයෙකුගේ වෘෂණ කෝෂයක් ඉවත් කිරීමට සිදු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මැදවච්චිය පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ලබන 15 වනදා දක්වා...

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම ගැන අධිකරණයෙන් තීරණයක්

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍‍රාල්ට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙස මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීම අද (8)...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...