25 C
Colombo
Thursday, May 9, 2024

චමුදිතගේ නිවසට ගල්මුල් හා අසූචි ප්‍රහාරයක්

- Advertisement -

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල ගංගාරාම පාරේ පිහිටි නිවසට නාදුනන පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

අද (14) අළුයම 2 ට පමණ සමරවික්‍රම මහතාගේ නිවස අසලට සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙක් මෙම ප්‍රහාරය එල්ලකර ඇති බව නිවසේ ආරක්ෂිත කැමරා දර්ශනවල සටහන්ව ඇති බව පොලීසිය සදහන් කරනවා.

පැමිණි පුද්ගලයින් නිවසට ගල් හා අසූචි ප්‍රහාරයක් එල්ලකර ඇති අතර ඉන් නිවසට සැලකිය යුතු අලාභහානියක් සිදුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන චමුදිත සමරවික්‍රම මහතා පවසන්නේ ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදී වෙඩි ප්‍රහාරයක් එල්ලවන ශබ්දයද ඔහුට ඇසුණු බවයි.

එමෙන්ම නිවසට ඉන්ටර්ලොක් ගල්වලින්ද ප්‍රහාර එල්ලවූ බව ඔහු සදහන් කරනවා.


RECENT ARTICLES - SINHALA

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

අහුංගල්ලේ වෙඩි තැබිමක්

Update : අහුංගල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා. අහුංගල්ල ප්‍රදේශයේ අද(08) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...