32 C
Colombo
Friday, March 31, 2023

ඉතිහාසයේ පළමු සම්මුතිවාදී ආණ්ඩුව ගොඩනගනවා – ඩලස්

- Advertisement -

ප්‍රධාන විපක්ෂය සහ විපක්ෂයේ අනෙකුත් පක්ෂ එක් කර ඉතිහාසයේ පළමු සම්මුතිවාදී රජය ගොඩනැංවීම පිණිස ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ මෙමගින් ඉතිහාසය වෙළාගත් වංචනික දේශපාලන සංස්කෘතිය අවසන් කරන බවයි.

කෙසේවෙතත් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළින්ම ඩලස් අලහප්පෙරුම මහතාට විරෝධය එල්ලවී තිබෙනවා.

එහි එක්පාර්ශවයක් රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය පලකිරීමට මේ වන විටත් කැමැත්ත පලකර ඇති අතර තවත් පාර්ශවයක් ඩලස් අලහප්පෙරුම මහතාට සහය පලකර තිබෙනවා.

බැසිල් රාජපක්ෂ මහතාගේ කීකරු ගෝලයෙකු වන සාගර කාරියවසම් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීරණය ලෙස පක්ෂයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කරන ලද ලිපියකින් පැවසුවේ තම පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාට සහය පලකරන බවයි.

කෙසේවෙතත් අද (16) පාර්ලිමේන්තුවෙන් ඉවතට පැමිණි හිටපු අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කළේ පක්ෂය එවන් තීරණයක් ගෙන ඇති බවට තමන් නොදන්නා බවයි.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොළවත්ත මහතා සදහන් කළේ පක්ෂයේ ලිපි ශිර්ෂ යොදාගනිමින් තමන්ගේ පෞද්ගලික මතය ඉදිරිපත් කිරීමේ රෝගයක් පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතාට ඇති බවයි.


RECENT ARTICLES - SINHALA

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

මිරිහානේ ආරක්ෂාව තර කරයි – හේතුව මෙන්න

0
අරගලය ආරම්භ කර වසරක් ගත වීම නිමිත්තෙන් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් මිරිහාන ජුබිලි කණුවේ පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය හේතුවෙන් මිරිහාන පොලීසිය වෙත පොලිස්...

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...