30.3 C
Colombo
Friday, April 26, 2024

රසායනික පොහොර තහනම් කළ ගැසට් නිවේදනය වැරදි උපදෙසකින් සිදුවූවක් – කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්

- Advertisement -

රසායනික පොහොර භාවිතය තහනම් කරමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය වැරදි උපදෙස් මත සිදුවූවක් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ රජය හෝ විෂය භාර අමාත්‍යවරයා වගකිව යුතු නැති බවත්, ඉහළ දේශපාලනාධිකාරීන්ට උපදෙස් ලබාදීමේදී එය නිවැරදි ආකාරයට කළ යුතුව ඇති බවත් ලේකම්වරයා සඳහන් කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමට තමාද දායක වූ බව පවසන කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් කරන්නේ ඔවුනට අවශ්‍ය වූයේ විෂ කෘෂි රසායනික පොහොර භාවිත කරන සංස්කෘතියක සිට විෂ රහිත ගුණත්වයෙන් ඉතා ඉහළ පැළෑටි පෝෂක භාවිතය හදුන්වාදීම බවයි.

එම නිසා, කෘෂිරසායනික භාවිත කිරීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනවා වෙනුවට ඉහළ ගුණත්වයෙන් යුතු පරිසර හිතකාමී පැළෑටි පෝෂක ආනයනයට අවසර දිය යුතු යැයි ඔහු පෙන්වා දෙනවා.

එම ගැසට් නිවේදනය එලෙස නිකුත් කර තිබුණේ නම් අද රටේ තත්වය වඩාත් යහපත් එකක් වනු ඇති බවද ඔහු සඳහන් කරනවා.


RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයට සජබෙන් ආරාධනයක්

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ආරාධනා කර තිබෙනවා. ශ්‍රී...

අමරවීර ඉරානයට

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඉරානයේ ‌ටෙහෙරාන් නුවර පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය...

කොළඹට හෙට පැය 14ක ජල කප්පාදුවක්

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...