24 C
Colombo
Sunday, October 1, 2023

බාල පොහොර දුන් චීන සමාගමෙන් මෙරටට නැවතත් පොහොර

- Advertisement -

චින සමාගමක් විසින් අහිතකර බැක්ටීරියා අඩංගු බාල පොහොර මෙරටට ලබාදුන්නේ වැරදීමකින් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

ඒ, ඊයේ (02) දින මාධ්‍ය අමතමින්.

එම අහිතකර කාබනික පොහොර නැව නැවත හරවා යවා ඇති බවත් එම වැරැද්ද නිවැරදි කර නියමිත ප්‍රමිතියෙන් යුතු නැවත පොහොර තොගයක් එවීමට ඔවුන් පොරොන්දු වී ඇති බවත් අමාත්‍යවරයා පවසනවා.

එසේ ආනයනය කරන පොහොරද පරීක්ෂා කර ඒවා නිවැරදි ප්‍රමිතියෙන් යුතු නම් පමණක් භාරගන්නා බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම ඉන්දියාවෙන්ද යම් පොහොර ප්‍රමාණයක් ආනයනය කිරීමට බලාපොරොත්තු වන බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ.

කෙසේ නමුත්, මින් පෙර අදාල පොහොර තොගය නිසි ප්‍රමිතියෙන් තොර අහිතකර පොහොර බවට හෙළිවූ විට අමාත්‍යවරයා ඒ බව පිළිනොගත් අතර ඔහු මාධ්‍ය හමුවේ කියා සිටියේ එම පොහොර නිසි ප්‍රමිතියෙන් යුතු බවයි. කෙසේ නමුත් දෙවන පරීක්ෂණයෙන්ද එම පොහොර නිසි ප්‍රමිතියෙන් තොර බව සහතික වීමෙන් අනතුරුව “චීනයෙන් කාබනික පොහොර ආනයනය නතර කරන බවට කෘෂිකර්ම ඇමති කියයි” යන සිරස්තලය යටතේ අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා මාධ්‍ය නිවෙිදනයක් නිකුත් කරනු ලැබුවා.

නමුත් පසුව නැවතත් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ජයසූරිය උඩුකුඹුර ප්‍රකාශ කර සිටියේ චීනයෙන් නොව අදාල චීන සමාගමෙන් පමණක් පොහොර ගෙන්වීම නතර කර ඇති බවයි.

එසේ වුවත් ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ අදාල සමාගමෙන්ම පොහොර ගෙන්වන බවයි.


RECENT ARTICLES - SINHALA

වඳවී යන අලි පරපුර

තවත් වසර පහළොවක් පමණ ගත වන විට මෙරටින් අලි තුරන් වී යෑමේ අවදානමක් පවතින බව පරිසරවේදී නයනක රන්වැල්ල මහතා පවසනවා. ස්වභාවික නොවන හේතුන් මත වාර්ෂිකව...

ඉන්ධන මිල යළි ඉහළට ?

ඔක්තෝම්බර් මාසයේදී යළිත් වරක් ඉන්ධන මිල ඉහළ යනු ඇති බව ඩේලි FT වෙබ් අඩවිය වාර්තා කරනවා. මේ අතර පසුගිය මාස 02ක තුළ ද අඛණ්ඩව ඉන්ධන...

අපේම සල්ලි අපිටම දීලා

අමෙරිකානු ඩොලර් මිලියන 250ක ස්වෛරී බැඳුම්කර ණය මුදල ආපසු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව අමෙරිකානු අධිකරණයක් හමුවේ නඩු පැවැරූ හැමිල්ටන් රිසර්ච් බැංකුවට...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...