31 C
Colombo
Saturday, July 27, 2024

ධම්මික පැණියට දී තිබූ බලපත්‍රය අහෝසියි

- Advertisement -

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනා මර්දන පැණිය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් ලබාදී තිබූ තාවකාලික බලපත්‍රය අහෝසි කර ඇති බව ආයුර්වේද කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කරනවා.

ආයුර්වේද කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ සායනික පරීක්ෂණවලින් ශක්‍යතාව තහවුරු තහවුරු නොවීම හේතුවෙන් ඒ සඳහා ලබා දී තිබූ තාවකාලික බලපත්‍රය අහෝසි කිරීමට කටයුතු කළ බවයි.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා මෙම කොරෝනා මර්දන පැණිය නිෂ්පාදනය කිරීම ආරම්භ කර තිබුණා.

එය ලබාගැනීම සඳහා කෑගල්ලට දහස් ගණනින් සෙනඟ පැමිණිය අතර එයට රාජ්‍ය අනුග්‍රහයද හිමිවුණා.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් විශාල ප්‍රමාණයේ සාදික්කා ඇඹරුම් යන්ත්‍රයක්ද ධම්මික බණ්ඩාර මහතාට ලබාදී තිබූ අතර දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාද එය ප්‍රවර්ධනය කිරීමට මහත් වෙහෙසක් ගත්තා.

එම පැණිය පාර්ලිමේන්තුව කරාද ලඟා වූ අතර කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියද පැණිය පානය කර පෙන්වා එය ප්‍රවර්ධනය කරනු ලැබූවා.


RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...