29.4 C
Colombo
Wednesday, May 8, 2024

ජනාධිපති කාර්යාලයේ සමාජ මාධ්‍ය ප්‍රධානියා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස වැඩ භාර ගනියි

- Advertisement -

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කළ ශර්මිලා රාජපක්ෂ මහත්මිය අද (28) එම ධූරයේ වැඩ භාර ගත්තා.

වැඩ භාර ගැනීමේ කටයුතු අද පෙරවරුවේ දෙහිවල සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේදි පැවැත්වුණා.

ශර්මිලා රාජපක්ෂ මහත්මිය මීට පෙර ජනාධිපති කාර්යාලයේ සමාජ මාධ්‍ය ප්‍රධානියා ලෙස ද කටයුතු කරනු ලැබූවා.

ඒ අනුව ඇය සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ තුන් වන අධ්‍යක්ෂ ජනරාල්වරිය වනවා.

මීට පෙර එම තනතුර දරනු ලැබූවේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේද ඥාති දියණියක වන ඉෂිනි වික්‍රමසිංහ මහත්මියයි.

සත්වෝද්‍යානය භාරයේ සිටින අලි ඇතුන් කිහිප දෙනෙකු යළිත් මුල් අයිතිකරුවන්ට ලබාදීමේ තීරණයකට විරෝධය පලකරමින් අය සිය ධූරයෙන් පසුගියදා ඉල්ලා අස්වුණා.


RECENT ARTICLES - SINHALA

විදුලිබල පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් කර...

බිංගිරිය කර්මාන්ත කලාපය ගැන ජනපති නියෝගයක්

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. බිංගිරිය කර්මාන්ත...

පොහොට්ටුව තවමත් අවසන් තීරණයකට ඇවිත් නැහැ- මහින්ද (වීඩියෝ)

ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවමත් අවසන් තීරණයකට පැමිණ නැති බව හිටපු ජනාධිපති මහින්ද...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...