27 C
Colombo
Thursday, May 2, 2024

ඔව් මහින්ද ඉන්නේ ත්‍රීකුණාමලයේ නේවි කෑම්ප් එකේ තමයි – කමල් ගුණරත්න

- Advertisement -

ආරක්ෂක හේතූන් මත හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව ත්‍රිකුණාමලය නාවික තටාකාංගණය වෙත රැගෙනගිය බව (විශ්‍රාමික) ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.

අද (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා සදහන් කළේ රටේ තත්ත්වය සාමාන්‍ය අතට පත්වූ පසු ඔහුට කැමති ස්ථානයකට යෑම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බවයි.

මේ අතර කොළඹ නගරය පුරා ස්ථාන රැසක යුද හමුදාව විසින් සන්නද්ධ රථ යොදා ගනිමින් අද උදෑසන සිට ස්ථානීය මුර සංචාර ආරම්භ කර තිබෙන අයුරු දක්නට ලැබුණා.

එමෙන්ම විශේෂ බලකා යතුරුපැදි ඛණ්ඩය විසින් කොළඹ, පිටකෝට්ටේ, මිරිහාන, කිරුළපණ, කොල්ලුපිටිය ආදී ප්‍රදේශවල මුර සංචාරය කරන ආකාරයද දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් සදහන් කළා.

මේ පිළිබදව මාධ්‍යවේදීන් කමල් ගුණරත්න මහතාගෙන් විමසා සිටියේ රට තුළ හමුදා පාලනයක් ඇතිකිරීමට සූදානමින් සිටින්නේද යන්නයි.

ආරක්ෂක ලේකම්වරයා ඊට සිනහ වෙමින් පැවසුවේ එවැන්නක් සදහා කිසිදු සූදානමක් නොමැති බවයි.


RECENT ARTICLES - SINHALA

හපුතලේ-බෙරගල මාර්ගයේ ගමනාගමනයට බාධා

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට හපුතලේ බෙරගල අතරදී අද (01) දින දෙවන වරටත්  ගල් පර්වත කිහිපයක් පෙරළී මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී තිබෙනවා. බදුල්ල ආපදා කළමනාකරණ...

දුම්රිය ධාවනය යළි අර්බුදයක

තාක්ෂණික ශිල්පීන්ගේ හිඟය හේතුවෙන් ඉදිරියේ දී දුම්රිය ධාවනය අර්බුදයකට ලක්විය හැකි බව දුම්රිය තාක්ෂණික ශිල්පීන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එච්.ආර්.පී.උදයසිරි මහතා පැවසුවේ, එම ශිල්පීන්ගේ...

වස දීලා මාව මරන්න හැදුවා- රොෂාන් රණසිංහ

මීට මාස එකහමාරකට පෙරදී තමාව ඝාතනය කිරීමට යම් පිරිසක් උත්සාහ ගත් බව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන රොෂාන් රණසිංහ මහතා පවසනවා. ඊයේ (01) ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...