26 C
Colombo
Thursday, May 16, 2024

වෘෂණ කෝෂ තැලෙන තුරු තරුණයෙකුට පහර දුන් පොලීසියේ දෙදෙනා රිමාන්ඩ්

- Advertisement -

බට්ටා වර්ගයේ ලොරි රථයක් පසුපස ලුහුබැඳ ගොස් රථය නවත්වා එය පදවමින් සිටි 23 හැවිරිදි තරුණයෙකුට දැඩිලෙස පහරදී එහු මරා දැමීමට තැන් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් කැබිත්ගොල්ලැව කොට්ඨාසය අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ පොලිසි සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු අද (16) දක්වා රක්ෂිතබන්ධනාගාර ගත කරන ලෙස මැදවච්චිය වැඩබලන මහේස්ත්‍රාත් වසන්ත සිරි වටගොඩ මහතා නියෝග කර තිබෙනවා.

වැඩබලන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට තවදුර‍ටත් නියෝග කර තිබුණේසැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා එදිනට හදුනා ගැනිමේ පෙරෙට්ටුවක් සඳහා යොමු කිරීමට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

මැදවච්චිය පොලිස් ස්ථානයේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයෙකු වන මැදවච්චිය පදිංචි එස් රෝහණ සමන්ත සේනානායක සහ පොලිස් කොස්තාපල්වරයෙකු වන මැදවච්චිය ඇටවිරගොල්ලෑව ඇතාකඩ පදිංචි කපිල ජගත් සෙනවිරත්න යන දෙදෙනා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකාර පොලිස් නිළධාරින් අධිකරණයට ඉදිරිපත් කරමින් සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් කැබතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියාසිටියේ සැකකරුවන් විසින් සිදුකළ බව කියන පහරදීමක් හේතුවෙන් ලොරි රථ රියදුරකු බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඔහු ශල්‍යකර්මයට භාජනයකර ඇති බවයි.

මෙම පහරදීම සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි මංගල සමන් වික්‍රමනායක මහතාගේ අධීක්ෂණය යටතේ කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් විධිමත් අපක්ෂපාතී පුලුල් පරීක්ෂණයක් පැවැත්වෙමින් තිබෙන බවද පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ෂන තවමත් අවසන් නොමැති බව පැවසු පොලිසිය සැකකරුවන් හඳුනා ගැනිමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරිමට අවශ්‍ය බවත් එම නිසා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

සැකකාර පොලිස් නිළධාරින් සිදුකල පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලබා ඇති මැදවච්චිය තුලාවෙල්ලිය පදිංචි 23 හැවිරිදි තරුණයා මැදවච්චිය පොලිසියේම සැරයන්වරයකුගේ පුතෙකු බව මේ වන විට අනාවරණය වී තිබෙනවා.

මැදවච්චිය ,මන්නාරම පාරේ වැදවච්චිය ප්‍රාථමික විද්‍යලය ඉදිරිපිටදී පසුගිය 07 වන දා මෙම පහර දීම සිදුව තිබුණා.

පහරකෑමට ලක්වූ මෙම තරුණයා අනුරාධපුර ශික්ෂණ රෝහලේදී ශල්‍යකර්මයකට භාජනය කර ඔහුගේ එක වෘෂණ කෝෂයක් ඉවත්කිරීමට වෙද්‍යවරුන් කටයුතු කර තිබෙනවා.

සැකකාර පොලිස් නිළධාරින් දෙදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත්තේ පුද්ගලයකුට පහර දී සුළු හා බරපතළ තුවාල සිදුකිරීම සහ මිනිමැරිමට තැත් කිරිමේ චෝදනාව යටතේයි.

පැමිණිල්ල වෙනුවෙන් කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක ගුණරත්න මහතා පෙනිසිටි අතර නිරීක්ෂණ පාර්ශවයක් ලෙස ශ්‍රී ලංකා නීතිඥ නදුනි ජයතිලක මහත්මිය පෙනිසිටියා.


RECENT ARTICLES - SINHALA

භාෂා පරිවර්ථකයෙක් ලෙස ආ චීන ජාතිකයා මාස 6කදි මිලියන ගණනක් හොයලා

චීන භාෂා පරිවර්ථකයෙකු වශයෙන් රැකියාක් කිරීමට ලංකාවට පැමිණ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ බලපත්‍රයක් නොමැතිව ලංකාව තුළ මැණික් ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් මාස 06ක් වැනි කෙටි...

පාකිස්ථාන ජාතිකයන් නවදෙනකුට කොළඹ මහාධිකරණයෙන් වසර දහයක සිරදඬුවමක්

විශාල මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කිරීමේ චෝදනාව මත 2020 වසරේදී අත්අඩංගුවට ගත් පාකිස්ථාන ජාතිකයන් නවදෙනකුට කොළඹ මහාධිකරණය වසර දහයක සිරදඬුවමක් නියම කර තිබෙනවා. 2020 ජනවාරි 01...

පාරිභෝගික අධිකාරියේ පනත සංශෝධනය කඩිනම් කරන්න

වසර 19ක් පමාවී ඇති පාරිභෝගික අධිකාරියේ පනත සංශෝධනය කඩිනම් කරන්න ලෙස කෝප් කමිටුව පාරිභෝගික සේවා අධිකාරියට දැනුම්දී තිබෙනවා. පාරිභෝගික ‍කටයුතු අධිකාරියේ 2021 සහ 2022 මුදල්...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...