30 C
Colombo
Saturday, May 4, 2024

සෞඛ්‍යයෙන් ඉවත් කළ පවිත්‍රා කැඩුණු ගිලන් රථ හදන්න පටන් ගනියි

- Advertisement -

කොවිඩ් රෝගීන් සහ ආශ්‍රිතයින් ප්‍රවාහනය කිරීම සඳහා මේ වන විට ගිලන් රථවල අවශ්‍යතාවය වැඩිවීම හේතුවෙන් අබලන් වූ ගිලන්රථ කඩිනමින් අලුත්වැඩියා කර නැවත සේවාවට එක් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මෙම වැඩසටහනේ පළමු පියවර වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සේවයෙන් ඉවත් කළ ගිලන් රථ 10 ක් ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

නව ප්‍රවාහන ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි සහ වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් අද (07) පැවති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලක්දිව ඉංජිනේරු (පුද්ගලික) සමාගම මෙම ගිලන්රථ පළමු තොගය අලුත්වැඩියා කරනු ඇති.

ගිලන්රථ කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සහ ලක්දිව ඉංජිනේරු ආයතනය සඳහා නව ආදායම් මාර්ග ඇති කිරීම ව්‍යාපෘතියේ අරමුණ බව ප්‍රවාහන ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.


RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...