27 C
Colombo
Thursday, May 2, 2024

කබ්රාල්ගෙන් හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට නම් කිහිපයක්

- Advertisement -

මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධූරයේ වැඩ භාර ගැනීම සඳහා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වුවහොත් ඒ සඳහා පත්වේ යැයි නම් කිහිපයක්ම මේ වන විට දේශපාලන ආරංචිමාර්ග වලින් කියැවෙනවා.

ඒ අනුව වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා මන්ත්‍රී ධූරය පුදදුන් ජයන්ත කැටගොඩ මහතා යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත්කරනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මේ අතර බොදුබල සේනා සංවිධානයේ මහලේකම් හා අපේ ජනබල පක්ෂයේ සාමාජික පූජ්‍ය ගලගොඩ ඥාණසාර හිමියන්ගේ නමද ඒ අතර කියැවෙනවා.

නිමාවූ මැතිවරණයේදී අපේ ජනබල පක්ෂයට එක් මන්ත්‍රී ආසනයක් හිමිවූ අතර එ් සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි හා අතුරලියේ රතන හිමි අතර මත ගැටුමක්ද ඇතිවුණා.

කෙසේ වෙතත් යම් කිසි කාලයකින් අනතුරුව එම මන්ත්‍රී ධූරය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ලබාදීමට වූ එකඟතාවය මත පූජ්‍ය අතුරලියේ රතන හිමි පාර්ලිමේන්තුවට පිවිසියද තවමත් එම මන්ත්‍රී ධූරය ඥාණසාර හිමියන්ට ලබාදීමට කටයුතු කළේ නැහැ.

එමෙන්ම පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්, ආණ්ඩුව දැඩිව විවේචනය කළ කාදිනල් හිමියන් හට දැඩි වාග් ප්‍රහාර එල්ල කිරීමද විශේෂත්වයක්.

මේ අතර අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් හිස්වන මන්ත්‍රී ධූරය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටු පුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ නමද කියැවෙනවා.

යෝෂිත රාජපක්ෂ මහතා මේ වන විට ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටින අතර ඔහු අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයේ ප‍්‍රධානියා ලෙසඳ කටයුතු කරනවා.



RECENT ARTICLES - SINHALA

ව්‍යාජ දුරකථන ඇමතුම් ගැන PHI සංගමයෙන් දැනුම්දීමක්

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බව පවසමින් ව්‍යාපාරිකයින්ට දුරකථන ඇමතුම් ලබා දී මුදල් ලබා ගැනීමේ ජාවාරමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති...

උමා ඔය නිසා විදුලිබල මණ්ඩලයට දවසකට රු.මිලියන 80 ක ඉතිරියක්

උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම නිසා දිනකට රුපියල් මිලියන 80 ක පමණ ඉතිරියක් විදුලිබල මණ්ඩලයට සිදු වන බව උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති අධ්‍යක්ෂ...

බස් ගාස්තු ගැන අවසන් තීරණය

ඉන්ධන මිල අඩු වීමත් සමග බස් ගාස්තු අඩුකරන්නේ ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් අද (02) දිනයේ දී ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනා ගමන කොමිෂන්...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...