28 C
Colombo
Friday, May 3, 2024

කබ්රාල් මීළඟ මහබැංකු අධිපති ද? – රජයෙන් පිළිතුරක්

- Advertisement -

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා නව අධිපතිවරයෙකු පත් කිරීම පිළිබඳව සංසරණය වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් රජය විසින් පැහැදිලි කර තිබේ.

මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බවත් මහ බැංකු අධිපතිවරයා ලෙස දිවුරුම් දීම සඳහා කබ්රාල් මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වී, පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වීමට ද සූදානම් වන බවත් මාධ්ය වාර්තා කිහිපයක සඳහන් විය.

කෙසේ වෙතත්, අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳව අදහස් දක්වමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුවට නව අධිපතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් ස්ථිර තීරණයක් ගෙන නොමැති බවයි.

“ඇත්ත වශයෙන්ම එය අවසන් කර නෑ. ඒ ගැන මට ප්‍රකාශ කරන්න පුළුවන් එපමණයි, යැයි ”ඔහු අද (08) මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.

මීට පෙර, මේ සම්බන්ධයෙන් ඩේලි මිරර් පුවත්පත විසින් කල විමසීමකදී රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් විසින් එම පුවත තහවුරු කළේ හෝ ප්‍රතික්ෂේප නොකළ බව පුවත්පත වාර්තා කරන ලදි.

කබ්රාල් මහතා මීට පෙර 2006 ජූලි 1 දින සිට 2015 ජනවාරි 9 දින සිය ධුරයෙන් ඉල්ලා අස්වන තුරු ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස කටයුතු කර ඇත.


RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...