33 C
Colombo
Friday, May 3, 2024

සරත් වීරසේකර ගුරු වර්ජනය ත්‍රස්තවාදයට සමාන කරයි

- Advertisement -

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ගුරුවර්ජනය සම්බන්ධයෙන් ඊයේ (17) දිනයේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා.

ගුරුවර්ජනය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට පෙර තිස් අවුරුදු යුද්ධය සිහිපත් කළ ඔහු පවසා සිටියේ ත්‍රස්තවාදයට මුල් වූ කරුණු සාධාරණ වුවත් අසාධාරණ වුවත් එයින් සාමාන්‍ය ජනතාවට හිරිහැර වූ නිසා එය විනාශ කළ බවයි.

ඉන් අනතුරුව ගුරුවර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ ගුරු වර්ජනයට හේතුව සාධාරණ විය හැකි වුවත් එයින් දරුවන්ට අසාධාරණයක් වන බවයි.

“ඒ නිසා, මේ වර්ජනයට සහභාගී වන අයට මම ඉතාම ආදරයෙන් කියන්නේ මේ එක්කෙනෙක්ගෙ දෙන්නෙක්ගෙ බලපෑමට වර්ජනය කරන්න එපා. මොකද ඒක දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමක් නිසා. ඒ වගේම මේක මෙහෙයවන දෙන්නාටත් බරපතල චෝදනා තියෙනවා” යැයි ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

එමෙන්ම, වර්ජනයට සහභාගී නොවන ගුරුවරයන්ට තර්ජන එල්ලවන බවට තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට දැන්වූ බවත් අමාත්‍යවරයා පවසනවා.

මීට පෙරද, ගුරු විරෝධතාවලදී වයස්ගත ගුරුවරුන් සහ භික්ෂූන්ව කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් පොලිසිය මගින් බලහත්කාරයෙන් ඔසවාගෙන යාම සම්බන්ධයෙන් අමාත්‍යවරයාට චෝදනා එල්ල වූ අතර ඊයේ දිනයේදී රජයේම මන්ත්‍රීවරයෙක්ද අමාත්‍යවරයාව මේ සම්බන්ධයෙන් විවේචනය කර සිටියා.


RECENT ARTICLES - SINHALA

ඉඩම් පරිහරණ ගාස්තුව අය නොකිරිම නිසා රජයට කෝටි ගණනක පාඩුවක්

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩම්වල වැලි කැණීම් සඳහා රජය විසින් බලපත්‍ර ලබා දීමේ දී ඉඩම් පරිහරණ ගාස්තුව නියමිත ආකාරයට අය කර නොගැනීම නිසා...

නිවෙස් දෙකකින් බිරිඳගේ සහ සැමියාගේ මළ සිරුරු හමුවෙලා

වවුනියාවේ නෙඩුන්කේණී කිරිසුට්ටාන් ප්‍රදේශයේ නිවෙස් දෙකක තිබී අඹු සැමි යුවලකගේ මළ සිරුරු නෙඩුන්කේණී පොලිසිය විසින් ඊයේ (02) සවස සොයා ගෙන තිබෙනවා. ප්‍රධාන නිවසේ පදිංචිව සිටි...

සජිත් සහ නෝර්වේ තානාපතිනිය අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග නෝර්වේජියානු තානාපතිනි May Elin Stener සහ නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් Johan Bjerkem අතර හමුවක් අද (03) සිදු වී...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...