32 C
Colombo
Saturday, May 4, 2024

රජය අලුතින් බදු පැනවූයේ නැතිවුවහොත් දැඩි මූල්‍ය අර්බුදයක් ඇතිවෙනවා – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

- Advertisement -

බොහෝ ක්ෂේත්‍රයන්හී බදු ඉවත් කිරීමට සහ බදු අඩු කිරීමට 2019 ගත් තීරණය හේතුවෙන් රජයට දිගින් දිගටම බදු ආදායමෙන් විශාල පාඩුවක් සිදුවෙමින් පවතින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අනතුරු අඟවනවා.

ඔවුන් සදහන් කරන්නේ රජය හදිසි බදු ප්‍රතිසංස්කරණ සිදු නොකළහොත් තත්ත්වය වඩාත් නරක අතට හැරෙනු ඇති බවයි.

දේශීය ආදායම් සේවා සංගමයේ ලේකම් එච්.ඒ.එල් උදයසිරි මහතා පවසන්නේ පවතින බදු විශාල ලෙස කප්පාදු කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් 2019 දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හිමිවිය යුතු ආදායම රුපියල් බිලියන 1,025 සිට 2020 දී රුපියල් බිලියන 424 දක්වා පහත වැටී ඇති බවයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මේ වසර සඳහා රුපියල් බිලියන 570 ක බදු ආදායම් ඉලක්කයක් ලබාදී ඇති නමුත් ඔක්තෝබර් අවසානය වන විට එකතු කර ගත හැකිවූ සමස්ත බදු ආදායම රුපියල් බිලියන 470 ක් පමණක් වූ බවයි උදයසිරි මහතා සඳහන් කරන්නේ.

2019 වසරේ රජයේ බදු අඩු කිරීම් හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වෙත දළ වශයෙන් රුපියල් බිලියන 601 ක බදු ආදායමක් අහිමි වී ඇති බව උදයසිරි මහතා පෙන්වා දෙනවා.

එම කාලය තුළ රජය විසින් ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT), ආර්ථික සේවා ගාස්තු (ESC) සහ ණය ආපසු ගෙවීමේ බද්ද (DRL) ඉවත් කිරීමට රජය කටයුතු කළ අතර එකතු කළ අගය මත බද්ද (වැට්) 12% සිට 8% දක්වා අඩු කිරීමටද කටයුතු කළා.

උදයසිරි මහතා පෙන්වා දෙන්නේ ජාතිය ගොඩනැගීමේ බද්ද ඉවත් කිරීමත් සමඟ බදු ලිපිගොනු 92,000ක් ඉවත දැමීමට සිදු වූ බවයි.

එමෙන්ම වැට් බද්ද අඩුකිරීමෙන් පසු එතෙක් පැවති වැට් බදු සීමාවට නොවැටුණු බැවින් බදු ලිපිගොනු 20,300ක් ඉවත් කිරීමට සිදුව ඇති අතර අතර ආර්ථික සේවා ගාස්තු ඉවත් කිරීම හේතුවෙන් බදු ලිපිගොනු 17,300ක් ඉවත් කිරීමට සිදුවූ බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කරනවා.


RECENT ARTICLES - SINHALA

එරාවූර්හි පාලු නිවසක තරුණයෙකුගේ මළ සිරුරක්

එරාවූර්, චෙංකලඩි ප්‍රදේශයේ පාලු නිවසක් පිටුපස තිබී පිරිමි පුද්ගලයෙකු ගේ මළ සිරුරක් හමුව තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි ව සිටි 31...

කීරි සම්බා වැඩි මිලට විකුණූ සමූපකාරයකට ලක්ෂ 5ක දඩයක්

කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි කළ ගිනිගත්හේන විවිධ සේවා සමුපකාර සමිතියට රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කර තිබෙනවා. කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි...

Fox Hill අනතුරේ වගකීම සංවිධායකයෝ භාරගත යුතුයි – SLRDA

පසුගිය 21 වැනිදා පැවති ෆොක්ස් හිල් තරඟාවලියේදී සිදුවූ මරණ සඳහා ශ්‍රී ලංකා ඔටෝමොබයිල් සංගමයේ සංවිධායකයින් වග කිවයුතු බව පවසමින් රේසිං ධාවකයින්ගේ සංගමය නිවේදනයක් නිකුත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...