27 C
Colombo
Friday, May 3, 2024

රජයට එරෙහි උද්ඝෝෂණ සදහා රජයෙන් අවසර ගත යුතු බවට නව ගැසට් පත්‍රයක්

- Advertisement -

නිසි බලධාරියකුගේ අවසරයකින් තොරව ජනතා ඒකාරාශිවීම් සහ රැස්වීම් පැවැත්වීම වළක්වාලමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ එවන් අවසරයකින් තොරව ජන ඒකාරාශිවීම් හා රැස්වීම් පවත්වන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

දැනට සමස්ත දිවයිනම කොවිඩ් -19 සම්බන්ධයෙන් රෝගී ප්‍රදේශයක් ලෙස මෙමගින් නම් කර තිබේ.

නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥාපනතට සංශෝධන කිහිපයක් එකතු කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් මෙම අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

මේ අතර කොවිඩ් එන්නත් මාත්‍රා දෙක ලබා නොගත් පුද්ගලයින්ට පොදු ස්ථානවලට ඇතුළුවීම  වාරණය කරමින් නීතිමය තත්ත්වය ගෙන එන බවද පසුගියදා සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

එම ගැසට් නිවේදනය පහතින් බාගත කරගන්න.


RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...