28 C
Colombo
Sunday, May 5, 2024

ගෑස් කාන්දු හොයන්න මොරටුව පෙරට

- Advertisement -

ගෑස් අනතුරු පිළිබඳ “ක්ෂණිකව ගතහැකි ක්‍රියාමාර්ග සඳහන් තාක්ෂණික කරුණු මත පදනම් වූ විශ්ලේෂණ විශේෂඥ වාර්තාවක් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයට අද(30) ලබාදීමට කටයුතු කරන බව මොරටුව විශ්වවිද්‍යාලය පවසනවා.

මෙම වාර්තාව සිව්දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මගින් සම්පාදනය කර ඇති බවත් මහාචාර්යවරු දෙදෙනෙකුගෙන් සහ ආචාර්යවරු දෙදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්ගේ සහය ඇතිව මෙය සිදු කරන බව මොරටුව විශ්වවිද්‍යාලයේ රසායන සහ ක්‍රියාවලි අංශයේ ප්‍රධානී මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතා පවසනවා.

එමෙන්ම, රජයේ රස පරීක්ෂක සහ විවිධ විශේෂ පාර්ශවයන් රැසක්ගේ සහයෝගය මත මෙහි ඉදිරි කරයුතු සිදු කළ යුතු බවත් ඔහු පවසනවා

ගෑස් සම්බන්ධ පිපිරීම් සහ ගිනිගැනීම් හා සම්බන්ධ රසායනාගාර වාර්තා 12 ක් වැඩිදුර පරීක්ෂණ සඳහා මොරටුව විශ්වවිද්‍යාලයට යොමුකිරීමට නියමිතය.

ඉකුත් සතියක කාලයේදී දියතලාව,ඇඹිලිපිටිය,මාරවිල,හංවැල්ල,හැටන්, පිළියන්දල,පන්නිපිටිය යන ප්‍රදේශ රැසක ගෑස් කාන්දු සහ ගෑස් ලිප් පිරියම් වාර්තා වී ඇත.


RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...